Sathosa

Feb 02, 2018

''මම දැන් 'වැඩක් දීලයි ආවේ'' - ජනපති කියයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් එයාර් ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබ`ද සොයා බැලීමේ නව ජනාධිපති කොමිසම අද රාත්‍රීයේ ගැසට් කරන බව ජනපතිවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (02) පස්වරුවේ හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

''මම දැන් එන්න කළින් වැඩක් දීලයි ආවේ. ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගැන ජනාධිපති කොමිසම පිහිටුවන ගැසට්පත්‍රයට අත්සන් කරලයි ආවේ.‘ යැයි ජනාධිපතිවරයා එහිදී කීවේය.

මෙම බරපතළ වංචා දූෂණ සිදුකළ අය පිළිබඳව ඉදිරියේදී රටට කරුණු අනාවරණය වනු ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා, වැරදි කළ කිසිවෙකුට බේරි සිටීමට හැකි නොවනු ඇති බව ද කියා සිටියේය.

නව දේශපාලන ගමනකට:

තමන් මෙම වැඩකොටස ඉටුකරන්නේ රට සහ ජනතාව වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා, දූෂිත සාම්ප්‍රදායික දේශපාලන ගමන වෙනස් කර නව දේශපාලන ගමනකට රටේ ජනතාව සූදානම් විය යුතු බව ද කියා සිටියේය.

මෙලෙස වංචා දූෂණ පිලිබඳ සෙවීමට කොමිෂන් සභා පත්කරමින් වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමේ ක්‍රමය රට තුළ ක්‍රියාත්මක වන්නේ බණ්ඩාරනායක මැතිතුමාගේ පාලන සමයෙන් පසුව බව සඳහන් කළ ජනාධිපතිවරයා, වංචාවට දූෂණයට එරෙහි බණ්ඩාරනායක ප්‍රතිපත්තිය සමග එම වගකීම වෙනුවෙන් අද තමන් කැපවී සිටින බව ද අවධාරණය කළේය.

පසුගිය ආණ්ඩු සමයේදී රට තුළ අන්ත දූෂිත ඇමතිවරුන් සිටියත් ඔවුන්ට එරෙහිව එම නායකයින් කිසිඳු පියවරක් නොගත් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපති ධූරයෙන් සමුගන්නා දිනය !

එහෙත් පොඩි මිනිසුන්ගේ දුක වේදනාව හා ඔවුන්ගේ දහඩිය සුවඳ හඳුනන නායකයෙකු මෙන්ම ඔවුන් වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට සුදානම් කෙනෙකු ලෙස අද තමන් මෙම වගකීම ඉටුකර තිඛෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා, තමා ජනාධිපති ධූරයෙන් සමුගන්නේ හොරුන්ට දඬුවම් ලබාදී සහ වංචා දූෂණ සිදු කරමින් ජනතා මුදල් සොරාකන සියලූදෙනාට දඬුවම් ලබාදීමට අවශ්‍ය නව නීති රීති සියල්ල සම්පාදනය කිරීමෙන් අනතුරුව බව ද කියා සිටියේය.

රටේ සහ ජනතාවගේ ජීවන වියදම් පිළිබඳව මතුව ඇති ගැටලූ විසඳමින් ඉදිරියට ගමන් කරන අතර වසර 03 ක් එක්සත් ජාතික පක්ෂයට භාරදී තිබූ රටේ ආර්ථීක කළමණාකරණ වගකීම තමා විසින් භාරගෙන අවශ්‍ය විසදුම් රටත් ජනතාවත් වෙනුවෙන් ලබා දෙන බව ද මෙහිදී පැවසු ජනාධිපතිවරයා, දේශීය කර්මාන්ත හා දේශීය කෘෂිකර්මාන්තය රකින වැඩපිළිවෙළ ද වහ වහා ආරම්භ කරන බව කියා සිටියේය.

පඩුවස්නුවර ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් මෙම ජනහමුව සංවිධානය කර තිබිණ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top