Feb 03, 2018

අකිලගේ දේපල ගැන කතා කළ විමල්ට නඩුවක් !

ඉකුත් ජනවාරි 21 වැනිදා කුලියාපිටියේ පැවති ජන හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා විසින් කරනු ලැබූ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නඩු පැවරීමට සූදානම්වන බව වාර්තා වේ.

සාපරාධී අපහාසය යටතේ ඔහු මෙසේ නඩු පැවරීමට සූදානම්වන අතර ඒ සම්බන්ධයෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලමින් ඔහු මේවන විට ද වීරවංශ මහතාට එන්තරවාසියක් යවා ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරයාගේ වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සහ අමාත්‍ය තනතුරේ කිර්ති නාමයට හානි වන අයුරින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා මෙම ප්‍රකාශය සිදු කර තිබුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top