Feb 06, 2018

අගමැතිගෙන් හැම ගමකටම වයිෆයි

අප්‍රේල් මාසයට පෙරාතුව නොමිලේ වයිෆයි ලබාදෙන බවත් මෙම වසර අවසානයට පෙර සෑම ගමකටම නොමිලේ වයිෆයි ලබාදෙන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පුත්තලමේ පැවති ජන හමුවක් අමතමින් ඊයේ (05 දා ) ඔහු මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"ජංගම දුරකතන තිබුණට වයිෆයි නෑ. වයිෆයි දුන්නට පස්සේ යාළුවන්ට, ගෑණු ළමයින්ට ඔක්කොටම නොමිලේ වයිෆයි පණිවුඩ එවන්න පුළුවන්".

"වැඩිහිටි අයගේ මූණ බලපුවාම වයිෆයි නොමිලේ දෙන එකට කැමති නෑ වගේ. ගැහැණු ළමයි මොනවා කරයිද දන්නෑ. අපි වයිෆයි දෙමුකෝ " යැයි පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top