Feb 06, 2018

'හොර දොස්තරලා වෙනුවෙන් වගකියන්නෑ' Featured

සයිටම් ගැටලුව විසඳීම සඳහා රජය ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයක් වෛද්‍ය ආඥාපනත හෝ විශ්වවිද්‍යාල පනත හෝ උල්ලංඝනය නොවන එකක් විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් වූ තීරණය ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, කැබිනට් මණ්ඩල ඇමැතිවරුන්ට දැනුම් දීමට කටයුතු කරන බවද සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

සයිටම් ආයතනය තුළ උපාධිය සම්පූර්ණ කළ සිසුන් 80 ක් සහ අධ්‍යාපනය ලබන සිසුන් 800 ක් දෙනා සිටින බැවින් ඔවුන් සියලුම දෙනාට සාධාරණ විසඳුමක් ලබාදිය යුතු යැයි මධ්‍යම කාරක සභාවේදී තීරණය කළ බවද ‍ලේකම්වරයා පැවසීය.

මෙහි අධ්‍යාපනය ලබන සිසුන්ට සාධාරණ විසඳුමක් ලබාදී සයිටම් ආයතනය අහෝසි කිරීමට කටයුතු කළ යුතු බව සංගමය අවධාරණය කර සිටියි.

කෙසේ නමුත් වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබාගන්නා වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පමණක් වෛද්‍ය සභාව වගා කියනු ලබන අතර එසේ ලියාපදිංචිය ලබා නොගත් එනම් හොර දොස්තරවරුන් සම්බන්ධයෙන් වෛද්‍ය සභාවට වගකීමට නොහැකි යැයිද වෛද්‍ය අලුත්ගේ මහතා පැවැසීය.

වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගත නොහැකි පුද්ගලයකුට යම් හේතුවකින් වෛද්‍ය සභාව තුළ ලියාපදිංචිය ලබාදෙන්නේ නම් බරපතළ තත්ත්වයන් මතුවන්නේ යැයිද වෛද්‍ය සංගමය පෙන්වා දේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top