Feb 07, 2018

මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමේ වගකීම රනිල්ට සහ රවීට

බැඳුම්කර සිද්ධියට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට නොපැමිණෙන්නේ නම් ඔහු ගෙන්වා දීම අගමැතිවරයාගේ සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ වගකීමක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

ඊයේ (06 දා )පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය. එනම් අධිකරණයේදී සැකකරුවෙකුට ඇප ලබා දෙන පුද්ගලයා ලබාදෙන සහතිකයට සමාන ආකාරයට අගමැතිවරයාත් හිටපු මුදල් අමාත්‍යවරයාත් සහතික වෙමින් අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කර ඇති බවයි.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිය ධුරයට පත්වන අවස්ථාවේදී ලබාදිය යුතු දිව්රුම් ප්‍රකාශය පවා ලබාදී නොමැති බවද අමාත්‍යවරයා පවසයි.

මේ අවස්ථාවේදී මහේන්ද්‍රන් මහතාගේ වගකීම වන්නේ නීතියේ පිහිට පැතීම නොව පැමිණ අවශ්‍ය ප්‍රකාශය ලබාදීම බවත් එසේ නොපැමිණෙන්නේ නම් ඔහු ගෙන්වා ගැනීම අගමැතිවරයාගේ හා හිටපු මුදල් අමාත්‍යවරයාගේ වගකීම බවත් ඔහු එහිදී කියා සිටියේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top