Pasidol
Sathosa Ad Final Sinhala
Feb 09, 2018

කබීර්ගේ ලේකම් ජනපතිගේ පලු අරියි !

එජාපයේ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ පාර්ලිමේන්තු ලේකම් දිනුක් කොළඹගේ මහතා ජනාධිපතිවරයා විසින් සේවය අත්හිටුවන ලද එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයා (Minister Counsellor-Defence) වන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යළි සේවයේ පිහිටුවීට ගත් තිරණය විවේචනයට ලක්කර තිබේ.

ඔහු සිය ෆේස්බුක් පිටුවට සටහනක් යොදමින් ඊට ප්‍රතිචාර දක්වමින් (Comments) මෙසේ විවේචනය කර තිබේ.

එසේම ඉදිරියේදී ජනපතිවරයාට සිය සහය නොලැබෙන බවද ඔහු වැඩිදුරටත් දක්වා ඇත.

දිනුක් තබන ලද මුල් සටහනේ සිංහල පරිවර්තනයක් පහත දැක්වේ.

"ආරක්ෂක හමුදා සාමාජිකයෙකු වන එක්සත් රාජධානියේ අප තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා තනතුරින් ඉවත් කිරීමට රජය තීරණය කළා. ඔහුගේ ඉවත් කිරීම සිදු වූයේ එල්ටීටීඊ ධජය රැගෙන විරෝධතාවක නිරත වූ පිරිසකට ‘ගෙල සිඳ දමන’ අයුරු පෙන්වීමෙන් පසුවයි.

70 වසරක නිදහස සැමරීමෙන් දෙදිනකට පසුව සිදු වූ ඔහුගේ ඉවත් කිරීම විවේචනය කරමින් ඔහුගේ ක්‍රියාවට ප්‍රශංසා කිරීමට සමහරුන් ක්‍රියා කරයි.

ඔහු මානව හිමිකම් උල්ලංඝණ පිළිබඳව ජගත් සංවිධාන යෝජනා කිහිපයකට මුහුණ දුන් රටක ආරක්ෂක හමුදා සාමාජිකයෙකු බව අප සිහියේ තබා ගත යුතුයි. මෙම චෝදනා නිසා 2015 තෙක් ජාත්‍යන්තරයෙන් ඈත් වෙමින් සිටි රටක ඔහු නියෝජිතයෙකි. අප ඉවසන සුළු සහ එක්සත් ජාතියක් බවට පෙන්වීමට ඔහුට අවස්ථාව තිබුණා.

ඔහු ඉන් අසමත් වුනා.

මැතිවරණයකට ආසන්න කාලයකදී සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලනිකව නොසිතා, රටට සුදුසු දෙය වෙනුවෙන් ගත් තීරණය පිළිබඳව රජයට සුබ පැතිය යුතුයි. රටේ කිසිවෙකු නීතියට ඉහළින් නොමැති බව ඔහුගේ ඉවත් කිරීමෙන් පෙන්වා දෙයි. පුරවැසියන්ට හා විදේශිකයින්ට මරණ තර්ජන එල්ල වීමේ සමය අවසන්ව ඇත. නීතියේ ආධිපත්‍යය සැමට බලපායි.”

දිනුක් තබා තිබූ ෆේස්බුක් සටහන හා පසුව ඔහු යෙදූ ප්‍රතිචාර (Comments) පහත දැක්වේ.

Dinouk

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top