Feb 10, 2018

UNP ය ඉදිරියේ කතිරය ගැසූ පත්‍රිකා අහුවෙලා !

ව්‍යාජ ලෙස සකස් කර සළකුණු කරන ලද අත් පත්‍රිකා 143 ක් සමඟ එක් සැකකරුවෙකුව පුත්තලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 ඊයේ (09 වැනිදා) රාත්‍රීයේ පුත්තලම - තිල්අඩිය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
 
සැකකරු සන්තකයේ තිබී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ලකුණ ඉදිරියෙන් සළකුණු කරන ලද අත් පත්‍රිකා බව පොලිසිය සධහන් කළේය.
 
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 
ජූඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top