Pasidol
Sathosa Ad Final Sinhala
Feb 11, 2018

තනි කැරළි ගහන්නේ නෑ - චම්පික Featured

අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙමින් තනි කැරළි ගැසීම නොකිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය චම්පික රණවක මහතා කියා සිටී.

ඔහු ඒ බව කියා සිටියේ ඊයේ (10) අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවට ඔහුගේ ප්‍රකාශකයකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අප කළ විමසීමකදීය.

තමා තවදුරටත් එජාපය සමඟ සිටින බව පැවැසූ ඒ මහතා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති පරිදි යම් පක්ෂයකට පාර්ලිමේන්තුවේ බලය පෙන්විය හැකි නම් එම පක්ෂයට අගමැතිධූරය ලබාදීම සම්බන්ධයෙන් තමා එකඟ බවද කියා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි නම් ඔවුන්ට අගමැතිධූය පිරිනැමිය යුතු බවද ඔහු සඳහන් කළේය.

කෙසේවුවද, එජාප ආණ්ඩුව ඉදිරියට යන්නේ නම් එයට පැහැදිළි ප්‍රතිසංස්කරණ කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top