Pasidol

Sathosa

Feb 12, 2018

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්වෙන්න හදයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පුළුල් විපක්ෂයක් සෑදීමට එහි ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රීලනිපය ආණ්ඩුවේ සිටීමට නම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ධූරයෙන් ඉවත්විය යුතු බවට මීට පෙර ශ්‍රීලනිප මන්ත්‍රීවරු යෝජනා කර තිබූ බවත්, එජාපය අලුත් ආණ්ඩුවක් සකස් කිරීමට තීරණය කිරීමෙන් පසුව අදාළ තීන්දුව වෙනස් කරමින් මේ යෝජනාව කර ඇතැයි පැවසේ.

ඒ අනුව ශ්‍රීලනිපය ජවිපේ සමඟ එක්ව විපක්ෂය ශක්තිමත් කිරීමට සැලැසුම් කරමින් සිටින බවද වාර්තා වේ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරු 41 දෙනෙකු සිටින අතර, ජවිපෙ සතුව මන්ත්‍රීවරු 06ක් සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top