Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Feb 13, 2018

එජාපය ශ්‍රීලනිප අභියෝගය බාරගනියි - සුළුතර ආණ්ඩුවක ලකුණු Featured

අගමැතිවරයා ඉවත් නොකරන්නේ නම් ස්වාධීන වන බවට ශ්‍රීලනිපය කර ඇති අභියෝගය පිළිගන්නා බවත්, එජාපය සුළුතර ආණ්ඩුවක් සකස් කරන බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මාධ්‍යට දැනුම් දී තිබේ.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රීලනිපයේ බලපෑම්වලට යටවී සිය නායකයා ඉවත් කිරීමට තීරණ නොගන්නා බවයි.

මේ අතර, අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එක්කරගනිමින් එජාපයට ආණ්ඩුවක් තැනීමට අවස්ථාවක් ලබානොදෙන බවයි.

යම් හෙයකින් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එජාපයට එක්කරගතහොත් ඔවුන්ට අමාත්‍යධූර ලබාදීමේදී ඒ සඳහා ජනපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට ඉඩ නොදෙන බවද ඔහු කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top