Pasidol
Sathosa Ad Final Sinhala
Feb 14, 2018

ගමේ අය කිරිබත් කාලා : මහින්ද පොහොට්ටුව කාලා (ඡායා)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන ජයග්‍රහණය වෙනුවෙන් ඊයේ (13) කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට එක්වූ ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම හා හිටපු ජනපතිවරයා එම ජයග්‍රහණය කේක් ගෙඩියක් කපා එකිනෙකාට කවා සැමරුවේය.

මෙහි විශේෂත්වය වන්නේ එසේ කපන ලද කේක් ගෙඩියේ මධ්‍යයේ පොහොට්ටුවේ රුවක් අන්තර්ගතව තිබීමය.

පසුව, ඒකබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනපතිවරයා සමඟ රැස්වීමකට ද සහභාගිවූ අතර එහිදී රාජපක්ෂ මහතා පොහොට්ටුව දිනවීමට වෙහෙසවීම සම්බන්ධයෙන් ස්තූතියද පළකර තිබේ.

මෛත්‍රීගේ බලය බින්ද රොෂාන්

මෙහිදී, වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලකොටුව වන පොළොන්නරුවේ ආසන 4ක් දිනාදීමට සහය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට හිටපු ජනපතිවරයා විශේෂ ස්තූතියක්ද පුදකර ඇතැයි වාර්තා වේ.

ගමේ අය කිරිබත් කාලා !

පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් එම පක්ෂයට සහය පළ කළ ගම්බිම්වල ජනතාව පසුගිය දිනවල කිරිබත් කා එම ප්‍රීතිය සැමරූ බවද මාධ්‍ය වාර්තාකර තිබිණි.

27858005 1713122385375886 195288596320968647 n

27971576 1713122405375884 8840226647058112305 n

27972652 1713122432042548 3079340303364671051 n

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top