Pasidol
Sathosa Ad Final Sinhala
Feb 14, 2018

රටටම දුක කියන එක් සත්‍ය කතාවක්

හොරදුගොඩ ගම්මානයේ බී.එල් නිරෝෂන ජීවිත් වීමට සුදුසු නිවසක් නොමැති කමින් නොයෙක් පීඩා මැද ජීවන අරගලයේ යෙදෙන්නෙකි.

ඔහු ගේ නිවස තුළ සමහරක් බිත්ති ලෑලි ය. තවත් පැත්තක වඩිච්චි සහිත මැටි බිත්තියකි.ඔවුන් ගේ මැටිගොම ගා පිරිසිදුවට පත්වාගෙන යයි.

පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 183 ක් ලබා ගෙන ගාල්ල නගරයේ පාසලක් සදහා යෑමට අවස්ථාව හිමිකරගත් ගාල්ල ඉමදුව හොරදුගොඩ ප්‍රාථමික විද්‍යාලයේ බී.එල්.නිපුන් හර්ෂණ ජීවත්වන්නේද මෙම නිවසේමය.

පවතින ආර්ථික දුෂ්කරතා නිසා දරුවාව නගරයේ පාසලකට යැවීමට ගමේ මිනිසුන්ගෙන් මුදල් එකතු කිරීමට සිදුව ඇති බවද ඔහුගේ පියා කියා සිටියේය.

මෙම පවුලේ සාමාජිකයින් හතර දෙනෙකු වන අතර ඔවුන් මේ වන විට ස්ථාන දෙකක සිටින්නේ වාසය කිරීම සදහා නිවසක් නොමැති නිසාය.

නිපුන්ගේ පියා එදිනෙදා කුලී වැඩක් කරමින් මෙම පවුල නඩත්තු කරන අතර නිපුන් ගේ බාල සහෝදරයා මෙතෙක් කල් හොරදුගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබා එම විද්‍යාලයෙන් අස්කරගෙන වීරකැටිය ප්‍රදේශයට ගෙන ගොස් ඇත්තේ ජීවත් වීමට ඇති අපහසුතාවය නිසාය.

නමින් බී.එල් නිරෝෂන් වන ඔහු මෙසේ ද පවසයි.

''මගේ පුතා ගාල්ල නගරයේ හොදම පාසලකට තේරුණා. නමුත් අපිට මෙහේ ඉන්න හිටින්න තැනක් නෑ. බෙහෝම අමාරුවෙන් තමයි අපි මෙයාව පාසල් යැව්වෙත්. අපිට සමෘද්ධියවත් නෑ. අළුත් සමෘද්ධි සමීක්ෂණයට නම් නම ගෙනිච්චා. තාම ආවේ නෑ. මෙහේ සමෘද්ධිය දීලා තියෙන්නෙත් වාහන තියන අයට නැත්නම් ඉන්න හිටින්න තැනක් නැති අපිට තමයි ඒවා ලැබෙන්න ඕන. මේ ඉන්න නිළධාරීන් ඒවා ගැන හොයන්නේ නෑ.අපි අසරණයි. අපිට උපකාර කරන්න කිසිවෙක් නෑ. කුලියක් මලියක් කරලා ජීවත් වෙන අපිට සහනාධාරයක් හෝ ආධාරයවක් හෝ නෑ. තියන ඒකාටම තමයි මේවා දෙන්නේ. අපිව ගියාම අපිට සලකන්නේවත් අපි ගණන් ගන්නේවත් නෑ.''

කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් ඉමදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමෘද්ධිය මුලස්ථාන කළමනාකරු ආනන්ද දිසානායක මහතාගෙන් විමසීමේ දී ඔහු කියා සිටියේ ''යාන වාහන තියන අයට සමෘද්ධි අතීතයේ තිබුණා වුනත් දැන් නම් නෑ. නමුත් මම මේ ගැන සොයා බලා කටයුතු කරන්නම්...''යනුවෙනි

කෙසේ නමුත් හොරදුගොඩ ගමේ මේ අන්ත අසරණ පවුලට නිවාසයක් සකස්කර දෙන්නට යමෙක් සිටින්නේ නම් මේ ඒ සඳහා හොදම කාලයයි.

සුනෙත් ගාල්ලගේ (ගාල්ල වාර්තාකරු)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top