Pasidol
Sathosa Ad Final Sinhala
Feb 15, 2018

'නිමල් අගමැති කරන්න බහුතරය ලැබිලා' - ඇමතිවරයෙක් Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කරවීම සඳහා එම පක්ෂය හෙට (16) තමන්ගේ බහුතරය පෙන්වීමට සූදානම් වන බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

මේ වන විට ශ්‍රීලනිල ජ්‍යෙෂ්ඨයෝ බහුතරය එක්රැස්කර ගැනීම සඳහා සාකච්ඡා පිට සාකච්ඡා පවත්වමින් සිටිති.

නව ආණ්ඩුව පිහිටුවීමේදී ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවේ තනතුරු වගකීම් භාර නොගෙන සහය දැක්වීමට එකඟතාව පලවී ඇතැයිද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙක් 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැති කිරීමට මේවනවිට මන්ත්‍රීවරුන් 117 දෙනෙකුගේ සහය පළවී ඇතැයි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා, කතානායක කරු ජයසුරිය මහතාට දැනුම්දී ඇතැයි ද ඔහු කියා සිටියේය.

මන්ත්‍රීවරුන් 120ක් !

ආණ්ඩුව සමඟ සිටින ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 42 දෙනාගේත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 52 දෙනාගේ සහ එජාපයේ හා හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගේත් සහය ඇතිව මෙම නව ආණ්ඩුව පිහිටුවීමට යෝජනා වී ඇතැයි 'ලංකාදීප' පුවත්පත වාර්තා කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (14) රාත්‍රීයේ කොළඹ 07 මහගමසේකර මාවතේ නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයිද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

Ranil Maithripala 3

 පුළුවන් නම් බහුතරය පෙන්නන්න අගමැති ජනපතිට කියයි

පුළුවන් නම් බහුතරය පෙන්නන්න අගමැති ජනපතිට කියයි

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) රාත්‍රියේදී යළිත් වරක් මුණගැසී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විය හැකි බව තමාට පැවසූ බව එහිදී ජනපතිවරයා හෙළිකර ඇත.

එසේම ඒ සඳහා තමා ඔවුනට ලබන සිකුරාදා (16) දක්වා කල් දුන් බවද සිරිසේන මහතා අගමැතිවරයාට පවසා තිබේ.

තමා දැනට ද අගමැති බවත් එහෙයින් තමාට බහුතරය පෙන්වීමේ අවශ්‍යතාවයක් මතුනොවන බව එහිදී පැහැදිලි කර ඇති අගමැතිවරයා, හැකි නම් වෙනත් අයකුට බහුතරය පෙන්වන්නැයි අභියෝග කල බව වාර්තා වේ.

ජනාධිපතිගේ ප්‍රකාශය හෙට !

රට තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (16) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර හමුවක් හෙට (16) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එහිදී මෙම ප්‍රකාශය කරනු ඇත.

ඉකුත්දා පැවති පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය දරුණු පරාජයකට ලක් වීමත් සමඟ ආණ්ඩුවේ ගමන පිළිබඳව මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක්ද පැන නැගී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top