Pasidol
Sathosa Ad Final Sinhala
Feb 15, 2018

විනයාරක්ෂක බළකායේ කපිතාන් හෙදිය දූෂණය කරයි

කිහිපදෙනෙකු එක්ව පුද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‍පොලීසියට අවශ්‍යව සිටි යුද හමුදා විනයාරක්ෂක බළකායේ කපිතාන්වරයකු ඊයේ (14) දින නාරාහේන්පිට ‍පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අලව්ව, තුල්හිරිය පදිංචි තිස් හැවිරිදි අමිත් කුමාර නමැති එක්දරු පියෙකි.

මොහු 2009 වසරේ යුද හමුදාවට එක් වී අනුරාධපුර කඳවුරට අනුයුක්තව මන්නාරම තල්අඩි කඳවුරේ සේවය කළ අයෙක් බවත් තදින්ම ගංජා පානයට ඇබ්බැහි වූ අයෙක් බවත් ‍පොලීසිය පවසයි.

නාරාහේන්පිට ‍පොලීසිය මගින් මොහුට පැමිණෙන ලෙස යුද හමුදා මූලස්ථානය වෙත දන්වා යවා ඇති අතර ඒ අනුව පැමිණි පසු අත්අඩංගුවට ගෙන තිබේ.

මොහුගේ කාමරයේ තිබි ගංජා උරණ උපකරණයක්, කෘත්‍රිම ලිංගික උපකරණයක් හා වාණිජකරණ ඖෂධ තිබි ‍පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පුද්ගලික රෝහලක හෙදියක් කිහිපවතාවක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණියගේ පෙම්වතාව සිටි ශ්‍රී ලංකා වෛද්‍ය සේවා බළකායේ වෛද්‍යවරයකු වූ තිස්හත් හැවිරිදි කපිතාන්වරයකු, යුද හමුදා රෝහ‍ලේ අධ්‍යක්ෂවරයාගේ රියැදුරු ලෙස කටයුතු කළ ලාන්ස් කෝප්‍රල්වරයකු, තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකු වූ මොරටුව ප්‍රදේශයේ පුද්ගලයකු මීට පෙර අත්අඩංගුවට ගත්තේය.

බස්නාහිර පළාත් භාර ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති නන්දන මුණසිංහ, කොළඹ දිසාව භාර (වැඩබලන) නියෝජ්‍ය ‍පොලිස්පති සජීව මැදවත්ත යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ‍පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා හා එහි සහකාර ‍පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් යන මහත්වරුන්ගේ උපදෙස් මත නාරාහේන්පිට ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ගයාන් ප්‍රසන්න මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂිකා ජානකී ද සිල්වා, නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ලලිත් පෙත්තතන්ත්‍රි, ‍පොලිස් කොස්තාපල්වරුන් වන සිසිර (86735) හා සාලින්ද (61287) යන නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

සබැඳි පුවත්
හමුදා සෙට් එකක් හෙදිය දූෂණය කරයි - වෛද්‍යවරයා අත්අඩංගුවට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top