Pasidol
Sathosa Ad Final Sinhala
Feb 18, 2018

කම්කරුවන්ට වඩා සභිකයින් Featured

පසුගියදා පැවති ඡන්ද විමසීමේදී සමහර පළාත් පාලන ආයතනවලට පත්ව ඇති සභිකයින් සංඛ්‍යාව ඒවායේ සේවයෙහි නිරත කම්කරුවන් පිරිස ද ඉක්මවා යන බව ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.

මාතර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය සභා බහුතරයක සිටින කම්කරුවන් සංඛ්‍යාවට වඩා පත්ව සිටින සභිකයින් සංඛ්‍යාව වැඩි වේ.

දෙවිනුවර ප‍්‍රාදේශීය සභාවට සභිකයින් 21 දෙනෙකු පත්ව සිටියදී, එහි සනීපාරක්ෂක කටයුතු සහ මාර්ග පිරිසිදු කිරීමට සිටින්නේ කම්කරුවන් 18 දෙනෙකු පමණි.

අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ කම්කරුවන් 24 සිටියදී පත්ව සිටින සභිකයින් ගණන 25කි.

මේ අතර, පත්ව සිටින සභිකයින් සංඛ්‍යාවන් පෙරට වඩා දෙගුණයක් වන බැවින් තම රැස්වීම් පැවැත්වීම සඳහා ශාලා කුලියට ගැනීමට පළාත් පාලන ආයතන උත්සාහ දරමින් සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top