Pasidol
Sathosa Ad Final Sinhala
Feb 18, 2018

කථානායක දේශපාලන ගේම්වලට යොදා ගත්තැයි දිනේෂ්ගෙන් චෝදනා

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කථානායක කරෑ ජයසූරිය මහතා සිය නිල නිවසට කැඳවා කථානායක ජයසූරිය මහතාව දේශපාලන ගේමවලට යොදා ගැනීමට විරෝධය දක්වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනපති මන්දිරයේදී ජනාධිපතිවරයා විසින් කථානායකවරයා සමඟ කළ කතා බහ හෙට (19) පාර්ලිමෙන්තුවේදී හෙළිකළ යුතු බවයි.

කථානායකවරයා මෙවැනි දේශපාලන කුමන්ත්‍රණවලට සහභාගිවීම ඔහුට යුතු නැතැයිද ඔහු කියා සිටියේය.

කරූ ගියේ රට ආරාජික නිසයි

කථානායක කරූ ජයසූරිය මහතා දුරකථනයෙන් සම්බන්ධකර ගැනීමට නොහැකිවීම නිසා අප ඔහුගේ ප්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ජයසූරිය මහතා ජනපතිවරයා හා අගමැතිවරයා මුණගැසීමට ගියේ මේවන විට රට අරාජික තත්ත්වයකට යමින් සිටින බැවින් එය විසඳීමට වහා මැදිහත්වන්නැයි ආගමික නායකයින් හා සිවිල් ක්‍රියාකාරීන්ගෙන් ඔහුට කර තිබූ ඉල්ලීම නිසා යැයි ඔහු කියා සිටියේය.

මේ තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර වහා පියවර ගන්නැයි ඔවුන්ගෙන් ඉල්ලීම කථානායකවරයාගේ මේ ගමනේ අරමුණ බවද ඔහු පැවසීය.

basil rajapaksaඅගමැති සටන අනුශූරයා තෝරා ගැනීමේ එකක්

මේ අතර, අප හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මේවන විට ජයග්‍රාහකයා වී අවසන් බවත්, අගමැති සටන ඇත්තේ අනුශූරයා වීම සඳහා බවයි.

අනුශූරයා වන්නේ කවුදැයි දැක ගැනීමට තමන් බලා සිටින බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා රනිල් අගමැති කරන්නේ නම් අනෙක් පැත්තට ගිය අය රනිල් ළඟට යන බවත්, ජනපතිවරයා නිමල් අගමැති කරන්නේ නම් රනිල් ළඟ සිටින අය නිමල් ළඟට යන බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top