Sathosa

Feb 19, 2018

'උපාධිධාරියා අමතක කළොත් ආණ්ඩුවට ඉදිරි ගමනක් නෑ' Featured

වත්මන් ආණ්ඩුව උපාධිධාරියා අමතක කර ඉදිරි ගමනක් යාමට උත්සාහ කරන්නේ නම් එය කිසිදා සාර්ථක නොවන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය කියා සිටියි.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් පවසා සිටින්නේ මෙවර මැතිවරණ ව්‍යාපාරයේ දී පවා රැකියා විරහිත උපාධිධාරියාගේ ප්‍රශ්න වලට නිසි අවධානයක් යොමු නොවූ බවයි.

මෙවර මැතිවරණයේදී දිවයිනේ නන් දෙස සිටින රැකියා විරහිත උපාධිදාරීන් සිය ඡන්ද පත්‍රිකාවේ සටහන් කරනු ලැබුවේ 'රැකියා කෝ 'යනුවෙන් බව ද උන්වහන්සේ කියා සිටියහ.

ආණ්ඩුව අනිවාර්යෙන් රැකියා විරහිත උපාධිධාරී ප්‍රශ්නයට මැදිහත් විය යුතු බවත් මේ වන විට රාජ්‍ය අංශයේ 60000 ක රැකියා පුරප්පාඩු ප්‍රමාණයක් පවතිද්දී මුදල් නෑ යනුවෙන් පවසමින් සිටින බවත් උන්වහන්සේ සඳහන් කළේය.

ලංකාවේ පවතින නිදහස් අධ්‍යාපනයෙන් උපාධිය ලබාගෙන රැකියා දෙන තුරු ආණ්ඩුවට බලකරමින් සිටින බවට චෝදනා කරන දේශපාලනඥයන්  විවෘත සංවාදයකට එන්නේ නම් මේ සියල්ලට පිළිතුරු දීමට සූදානම් බවද එම සංගමය කියා සිටියි.

පෞද්ගලික අංශයේ රැකියා වලට යාමට උපාධිධාරීන් තුළ කිසිදු අකමැත්තක් නැති බවත් පෞද්ගලික අංශයේ රැකියා සුරක්ෂිතතාවය පිළිබදව කිසිම තෘප්තිමත් භාවයක් නැති බවත් ‍උන්හවහන්සේ සඳහන් කළේය.

අන්ත අසරණ වතු සේවකයකයන් විඳින දුක, ඊයම් කර්මාන්ත ශාලාවට අවු 02 ක සේවයෙන් පසු වන්දි මුදලක් ලබා දී ඉවත් කරන්නේ පෙනහළු රෝගය ආදී ව්‍යවසනයන්ට ගොදුරුවූවෙක්ව බවත් ‍උන්හවහන්සේ කියා සිටියහ. පෞද්ගලික අංශයේ රැකියා බොහෝමයක පවතින්නේ මෙවන් ඛේදනීය තත්වයක් බව උන්වහන්සේ කියා සිටියහ.

උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් වසර 06 ක් තිස්සේ සකසා නැති බවත් මේ පිළිබද ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇති බැවින් එයට සාර්ථක ප්‍රතිචාරයක් නොබෝ දිනකින් ලැබේ යැයි අපේක්ෂාවෙන් සිටින බවත් උන්වහන්සේ කියාසිටියේය.

ආණ්ඩුව තවදුරටත් මේ සියල්ල නෑසුණු කණින් සිටිනේ නම් 53 000 ක් වූ රැකියා විරහිත උපාධිධාරීන් එයට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය කියා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top