මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු රෝහල්ගත කරන අවස්ථාවේදී මියගොස් සිට ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණයේදී Covid-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇත.
මෙම මරණයට හේතුව Covid-19 ආසාදනය සමග ඇති වූ හෘදයාබාධයක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙරටින් වාර්තා වන 35 වැනි Covid-19 ආසාදිත මරණය මීට ස්වල්ප මොහොතකට පෙර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.
Last modified on Monday, 09 November 2020 08:57
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362