Connect with us

පුවත්

EducationUSA විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රදර්ශනය 2025

Published

on

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සහ ඇමරිකා-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිෂන් එකට එක්ව, ඇමරිකානු උසස් අධ්‍යාපනය පිළිබඳව ඇමරිකානු රජයේ නිල තොරතුරු මධ්‍යස්ථානය වන EducationUSA  විසින් 2025 මාර්තු 20 සිට 22 දක්වා කොළඹ, ගාල්ල සහ මාතරදී ඇමරිකානු විශ්වවිද්‍යාල පිළිබඳ ප්‍රදර්ශනයක් පවත්වන බව සතුටින් නිවේදනය කරයි.

උපාධි, පශ්චාත් උපාධි සහ පීඑච්ඩී පාඨමාලා සඳහා ඇබෑර්තු ලැබීමට බලාපොරොත්තු වන ශිෂ්‍යයන්ට, ඇමරිකා එක්සත් ජනපදයෙහි නව සම්මානිත විශ්වවිද්‍යාල නියෝජිතයින් හමුවිය හැකි අවස්ථාවක් ලැබෙනු ඇත.

ශිෂ්‍යයන්, දෙමව්පියන් සහ පාසල් පාලන මණ්ඩල සාමාජිකයන්ට මෙම උත්සවයට සහභාගී වීමට ආරාධනා කරයි. සහභාගීත්ව ගාස්තුවක් නොමැති නමුත් ලියාපදිංචිය අවශ්‍ය වේ. 

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා කරුණාකර පිවිසෙන්න: bit.ly/EducationUSARoadshow2025.

ඇමරිකානු විශ්වවිද්‍යාල නියෝජිතයින් සහ EducationUSA උපදේශකයන් සමඟ පැවැත්වෙන සාකච්ඡා, අධ්‍යාපනික වැඩසටහන්, ඇබෑර්තු ක්‍රියාවලිය, ශිෂ්‍යත්ව සහ මූල්‍ය ආධාර පිළිබඳව වටිනා සම්පත් ලබාදේ. මෙම සැසියන් ශ්‍රී ලංකා ශිෂ්‍යයන්ට ඇමරිකානු උසස් අධ්‍යාපනය පිළිබඳව නිවැරදි තීරණ ගැනීමට සහ ඇමරිකාවේ අධ්‍යාපනය සහ ජීවිතය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වේ.

ඇමරිකා-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිෂන්හි කාර්ය මණ්ඩලය, ශ්‍රී ලංකා පුරවැසියන් සඳහා තිබෙන ශිෂ්‍යත්ව අවස්ථා පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කරනු ඇත.

EducationUSA 2025 ප්‍රදර්ශන කාලසටහන:

Date City Venue Time 
Thursday, March 20 Colombo The Kingsbury Hotel, Winchester Room 1:00pm to 4:00pm 
Friday, March 21 Galle Radisson Blu Hotel 2:00pm to 4:30pm 
Saturday, March 22 Matara University of Ruhuna 10:00am to 1:00pm 

පහත සඳහන් ඇමරිකානු උසස් අධ්‍යාපන ආයතනවල නියෝජිතයින් මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිතය:

No. Institution Name City State 
Fullerton College Fullerton California 
George Mason University Fairfax Virginia 
The George Washington University Washington D.C. 
Quinnipiac University Hamden Connecticut 
University of New Haven West Haven Connecticut (only present at the fair in Colombo) 
University of Wisconsin-Stout Menomonie Wisconsin 
Wichita State University, Wichita Kansas 
Wesleyan College Macon Georgia 
Worcester Polytechnic Institute Worcester Massachusetts 

පුවත්

පක්ෂ අභ්‍යන්තර ගෝරි පුංචි ඡන්ද ජාතික ලයිස්තු ප්‍රමාද කරයි

Published

on

By

පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීමේදී බොහෝ දේශපාලන පක්ෂවල මතුවී ඇති විවිධ ගැටලු සහ අර්බුද හේතුවෙන් සභික ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම පමාවෙමින් තිබෙන බව වාර්තා වේ.

මේ තත්වය යටතේ පළාත් පාලන ආයතන පිහිටුවීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි ද පැවසේ.

මේ ප්‍රමාදය සැලකිල්ලට ගෙන, සතියක් ඇතුළත සභිකයන් නම් කර එවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට මේවන විට දැනුම් දී තිබේ.

පළාත් පාලන ආයතන වලට පත් කෙරෙන සභිකයන් පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කළ හැකි වන්නේ මෙම සියලුම නාම ලේඛන ලැබුණු පසුව බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Continue Reading

පුවත්

වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Published

on

By

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් මස 28වනදා සිට මෙය තාවකාලිකව අත්හිටුවා ඇති බවය.

ඒ අනුව ලියාපදිංචි චැසි අංක දරණ මෝටර් වාහන සඳහා අංක තහඩු සහ ස්ටිකර් නිකුත් නොකරන බව සඳහන්ය.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කමල් අමරසිංහ මහතා පවසා සිටියේ, නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේ දී අංක තහඩු නිකුත් කිරීම සිදු නොකළද, ඔවුන්ට අදාළ වාහන අංකය ලබාදීමට පියවර ගන්නා බවය.

ඒ අනුව මෝටර් රථ හිමිකරුවන්ට එම අංකය පිටපත් කර, වාහනයේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව පවතින බව කමල් අමරසිංහ මහතා පැවසීය.

එමෙන්ම මේ පිළිබඳ පොලීසියද දැනුම්වත් කිරිමට පියවර ගෙන ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Continue Reading

පුවත්

ඉදිරි දින කිහිපයේ කාලගුණයේ ලොකු වෙනසක්

Published

on

By

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

අද (17) දිනයේද බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ඉන් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු – මැද පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

මේ අතර වයඹ, උතුරු – මැද සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved