Connect with us

පුවත්

eZ cash හරහා මත්ද්‍රව්‍ය අලෙවි කිරීම්!

Published

on

මත් ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් සකස් කිරීමේ වර්තමාන කටයුතු පිළිබඳව ‘රට තුළ ශීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී’ සාකච්ඡා විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ එම කාරක සභාව අමාත්‍ය – ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙම කාරක සභාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, අධිකරණ, බන්ධනාගාර හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ධීවර අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, තැපැල් දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව කැඳවා තිබූ අතර මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මෙම අංශ ගෙන ඇති පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සිදු විය.

මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් කල්පිටියේ

මෙහිදී මත් ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා පත්කොට ඇති ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා කමිටුව අමතමින් සඳහන් කළේ මත් ද්‍රව්‍ය විනාශ කිරීමේ මධ්‍යස්ථානයක් කල්පිටිය ප්‍රදේශයේ ඉදිකරන බවත් මේ සඳහා ජලය, විදුලිය සහ මාර්ග පහසුකම් ලබාගැනීමට මෙම කමිටුව මැදිහත් වන්නේ නම් මෙම වසර අවසානයේ මෙම මධ්‍යස්ථානය සකස් කොට අවසන් කළ හැකි බවයි. මේ අනුව මේ සඳහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බව කාරක සභාවේ සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේය.

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයි

එසේම රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම පිළිබඳවද මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් විමසා සිටි අතර නිලධාරීන් සඳහන් කළේ පසුගිය කාලයේ මේ සඳහා මාස 9 පමණ කාලයක් ගත වූ බවත් වර්තමානයේ මාස 3 පමණ කාලයක් ගත වන  බවත්ය. නිලධාරීන්ගේ හිගය මේ සඳහා බලපා ඇති බවත් ඒ අනුව අවශ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් පැමිණ සිටි නිලධාරීහු සඳහන් කළහ.

eZ cash වලින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම්

තවද ඊසි කෑෂ් (eZ cash) මගින් සිදු වන මුදල් ගනුදෙනු මගින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සිදු වන බවත් මේ වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

එසේම මත් ද්‍රව්‍ය පාලනය කිරීමේ කටයුතත්තට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේද සහය ලබාගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය ගරු සිසිර ජයකොඩි මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා කළේය.

තවද තැපැල් මාර්ගයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට ගෙන ඇති පියවර පිළිබඳව, පාසැල් ආශ්‍රීත මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සහ මුහුදු මාර්ග හරහා මත් ද්‍රව්‍ය පැමිණීම වැලැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

එසේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මෙම කමිටුව සඳහා සම්බන්ධ වූ අතර මත් ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සෘජුවම ජාතික ආරක්ෂාවට සම්බන්ධ බවත් මේ වෙනුවෙන් අවශ්‍ය පියවර ගත යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතීඥ සිසිර ජයකොඩි, වෛද්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බුද්ධික පතිරණ, ජයන්ත සමරවීර, වෛද්‍ය උපුල් ගලප්පත්ති, මේජර් සුදර්ශන දෙණිපිටිය සහ උපුල් මහෙන්ද්‍ර රාජපක්ෂ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

පුවත්

ලක්මාලිට ලොකු තනතුරක්

Published

on

By

ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව තිබේ.

කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ.

මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකරන ලදී.

කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.

Continue Reading

පුවත්

එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක්

Published

on

By

පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ තීරණය කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතනවලට පත්වීමට සුදුසුකම් ලබන්නේ වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි.

එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත්කිරීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතනවලට ඉන්ධන සැපයීමට ඩිජිටල් කාඩ්පතක්

Published

on

By

රාජ්‍ය ආයතනවල වාහන සඳහා ඉන්ධන සැපයීමේදි මුදල් ගෙවීම් සඳහා නව ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පියවර ගෙන තිබේ.

ඉන්ධන සැපයීමේදී සිදුවන අක්‍රමිකතා මගහැර, කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.

රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය යටතේ මෙම නව කාඩ්පත හඳුන්වාදීම සිදුවන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved