Connect with us

පුවත්

G, H සහ J හොරට ලියාපදිංචි කළ වාහන !

Published

on

රජයට අය විය යුතු රුපියල් කෝටි 1,000කට අධික බදු මුදල් පසුගිය වසර කිහිපය තුළ දී අහිමි කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කරන ලද වාහන 6,000ක් පමණ මාර්ගවල ගමන් කරන බව අල්ලස් කොමිසම කළ විශේෂ විමර්ශනයකදී අනාවරණය වී ඇතැයි “සති අග අරුණ” වාර්තා කර තිබේ.එම පුවතේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු කළ ඉහළ පෙළේ නිලධාරීන් රුපියල් කෝටි ගණනින් අල්ලස් ලබාගනිමින් කළ මෙම මහා පරිමාණ ජාවාරම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයේ නිලධාරීන් දීර්ඝ වශයෙන් කරන ලද විමර්ශනයකින් අනතුරුව එම කරුණු අනාවරණය කරගෙන තිබේ. 

සූක්ෂ්ම අයුරින් කරන ලද මෙම ජාවාරමට සම්බන්ධ වී සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියකුගේ දිනක ආදායම රුපියල් ලක්ෂ 30ක් දක්වා ඉතා ඉහළ මට්ටමක පැවැති බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා රේගුවේ නිශ්කාෂණය නොවූ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට අනීතික ලෙස තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී වාහන පිළිබඳව පුළුල් පරීක්ෂණයක් මේ වනවිට පවත්වන බව අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්මන්පෙරුම සඳහන් කළාය.

‘‘මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ව්‍යාජ අයුරින් ලියාපදිංචි කරන ලද අධි සුඛෝපභෝගී V8, ප්‍රාඩෝ, මොන්ටෙරෝ ඇතුළු වාහන මෙරටට ආනයනය කළ බවට තොරතුරු ශ්‍රී ලංකා රේගුවේ දත්ත පද්ධතියේ නැහැ. G, H සහ J යන කාණ්ඩවලට අයත් වාහන මෙලෙස ව්‍යාජ අයුරින් ලියාපදිංචි කර තිබෙන බව විමර්ශනයේදී අනාවරණය වුණා. එම කාණ්ඩවලට අයත් වාහන මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. එලෙස ව්‍යාජ ලේඛන මත ලියාපදිංචි කරන ලද අල්ලස් කොමිසම විසින් භාරයට ගෙන, නියමිත බදු මුදල් අයකර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව වෙත භාර දෙනවා’’ යැයි අල්ලස් කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

පුවත්

ගල්කිස්සේ තරුණයෙකු ඝාතනයට පැමිණි පැදිකරු අත්අඩංගුවට

Published

on

By

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය අසලදී 19 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ පැදිකරු ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ගල්කිස්ස පොලිස් ස්ථානය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද තොරතුරක් මත අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අදාළ පුද්ගලයා හෝමාගම, මාකුඹුර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු වයස අවුරුදු 45ක් වන මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. 

මේ අතර සැකකරුවන් අපරාධය සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදියේ කොටස් හා ව්‍යාජ අංක තහඩු දෙකක්, සැකකරුගේ නිවස පිටුපස වල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන්නන් බව සඳහන් විය.

Continue Reading

පුවත්

බණ්ඩාරවෙල ලංගම බස් වර්ජනයක්

Published

on

By

බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ බස්රථ රියදුරෙකුට බීමත් මගියෙකු විසින් සිදුකළ පහරදීමක් මුල්කරගනිමින් එම ඩිපෝවේ බස්රථ ඩිපෝ භූමියට ගෙන්වා අද (17) වර්ජනයක් ආරම්භ කරඇත.

බණ්ඩාරවෙල සිට පල්ලෙවෙල දක්වා ගමන්ගන්නා රාත්‍රී අවසන් බස් රථයේ ඉකුත් 15වනදා බීමතින් අශෝබන ලෙස හැසිරී මගීන්ට හිරිහැර වන ලෙස කටයුතු කළ පුද්ගයෙකුට බස් රථයේ රියදුරු අවවාද කර තිබේ.

එහිදී රියදුරුට තර්ජනය කර බසයෙන් බැස ඇති අදාළ පුද්ගලයා, රියදුරා සේවය නිමකර නිවෙස බලා යමින් සිටියදී මග රැක යකඩ පොල්ලකින් පහරදී ඇත.

මේ වනවිට එම තුවාල ලැබූ රියදුරු බණ්ඩාරවෙල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එම පහරදීමෙන් පසු බණ්ඩාරවෙල පොලීසිය විසින් පල්ලේවෙල ප්‍රදේශයේ සැකකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී තිබේ.

පහරකෑමට ලක්වූ රියදුරා පවසන්නේ තමාට පොලීසියෙන් සහ බණ්ඩාරවෙල ඩිපෝව මගින් ද නිසි සාධාරණයක් ඉටු නොවූ බවය.

ඒ හේතුවෙන් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස බලකරමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

A/L වෘත්තීය විෂය ධාරවට අයැදුම්පත් කැඳවෙයි

Published

on

By

උසස් පෙළ වෘත්තීය විෂය ධාරව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ, මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක ක්‍රියාත්මක කෙරෙන බවය.

මෙම විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමේදී අපොස සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය සලකනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ සඳහා ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතුය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved