Connect with us

පුවත්

IMF මීළඟ සමාලෝචනය ජනපතිවරණයෙන් පසුවයි – ජූලී කෝසැක්

Published

on

ශ්‍රී ලංකාවේ ඉදිරි මැතිවරණයේ ජයග්‍රහකයා තීරණය කළ යුත්තේ, ජනතාව බවත්, මීළඟ සමාලෝචනය ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක ජූලී කෝසැක් මේ බව සඳහන් කළේ, ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.

පුවත්

හදිසි ආපදා තත්ත්වයකට ගුවන් හමුදාව සූදානම්

Published

on

By

අයහපත් කලගුණය නිසා ඉදිරියේදී හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ඒ සඳහා සහන සැලසීම හා මුදවාගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා හා ඊට අදාළ භට පිරිස් ස්ථානගත කර තැබීමට ගුවන් හමුදාව පියවරගෙන ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඇතිවිය හැකි ආපදා පිළිබඳ නිරතුරු ගුවනින් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් හමුදා නිරීක්ෂණ ගුවන් යානා මෙන්ම ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ජනතාව හට සහන සැලසීමට හා මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා හෙලිකොප්ටර් යානා තුනක් ස්ථානගත කර ඇති බවද පැවසේ.

ඉන් ‘Bell- 412’ වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් රත්මලාන ගුවන් හමුදා කඳවුරේද, ‘Bell- 212’ වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සහ පලාලි ගුවන් හමුදා කඳවුරේද ස්ථානගත කළ බව ගුවන් හමුදාව පවසයි.

එමෙන්ම මුදවාගැනීම් සඳහා සුවිශේෂි පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භට පිරිස්ද එම කඳවුරු තුළ සුදානම් කර ඇත.

Continue Reading

පුවත්

කැළණි ගඟ දෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කරයි

Published

on

By

කැළණි ගඟ දෝණිය සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමද ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව දෙහිඕවිට, රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැළණි ගංලා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන් දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

NPP ලිස්ට්වලින් එන තාත්තල පුතාලා හා නෝනාලා මහත්තයාලා ගැන කසුකුසුවක්

Published

on

By

මෙවර මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය ද පවුල්වාදයට උඩගෙඩි දී ඇති බවට මේවන විට චෝදනා එල්ලවෙමින් තිබේ.

ඒ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කළ ලයිස්තු දෙකක් නිසාය.

ජාතික ජන බලවේගයේ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා කළුතර දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන අතර ඔහුගේ පුත් චතුරංග අබේසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්වීම ඒ අතරින් වඩාත් කතාබහට ලක්ව තිබේ.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ජාතික ජන බලවේගයේ ජාතික ලයිස්තුවට ඇතුළත් කරද්දී ඔහුගේ බිරිඳ වන සමන්මලී ගුණසිංහ කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත්ව සිටීම ද විශේෂිතය.

මූලාශ්‍රය – සති අග අරුණ

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved