Pasidol
Sathosa Ad Final Sinhala
Feb 26, 2018

ඇමතිකම අත්හළ රනිල් නැවත එයි

මේ දිනවල ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන සල්සපුනාහි ඇමතිවරයාගේ චරිතයට පණ පෙවූ රනිල් කුලසිංහ හදිසියේම නාට්‍යයෙන් අතුරුදන් වුණා. මේ පිළිබඳව ඔහු සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණෙ මෙහෙම කතාවක්.

“සල් සපු නා” ටෙලි නාට්‍යයේ දැන් රනිල්ව දකින්නට ලැබෙන්නේ නැහැ. ඇයි ඒ ?

මම තාවකාලිකව ‘සල් සපු නා’ නාට්‍යයෙන් සමුගත්තා.

මොකක්ද ඒකට හේතුව?

මගේ ජීවිතේ තිබුණු ලොකුම හීනය තමයි අධ්‍යක්ෂවරයෙකු වීම. මමම පිටපත ලියූ ‘නූරි’ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කරන්න මට අවස්ථාවක් ලැබුණා. ඒ හින්දා තමයි මම තාවකාලිකව ‘සල් සපු නා’ ටෙලි නාට්‍යයෙන් අයින් වෙන්න තීරණය කළේ.

ඔබ ගත්තු තීරණය හින්දා “සල් සපු නා” නිර්මාණයට අසාධාරණයක් වුණා නේද? එහි නිර්මාණකරුවන් හා ඔබ අතර ඒ හේතුව මත ගැටුම් ඇතිවුණේ නැද්ද?

මම කලින්ම ඒ අයට මගේ තත්ත්වය පැහැදිලි කළා. පසුගිය ෂෙඩුල් එකේම මගේ චරිතය ඉවත් කරගත්තා. ඒකෙන් නාට්‍යයට අසාධාරණයක් වුණා. ඒ ගැන මම නිර්මාණකරුවන්ගෙන් වගේම සල් සපු නා රසික පිරිසගෙනුත් සමාව ඉල්ලනවා. ඒත් දැන් මම ආයේම ‘සල් සපු නා’ සඳහා එක්වී සිටිනවා. ඉදිරියේදී ඒ චරිතයට අසාධාරණයක් වෙන්නේ නැහැ.

ඔබ අධ්‍යක්ෂණය කරන “නූරි” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ ‍පොවන්නේ ඔබේ බිරිඳයි. ඇයි ඇයවම ඒ සඳහා තෝරා ගත්තේ. ඒ සඳහා ගැළපෙන වෙනත් නිළියන් නැද්ද?

මේ පිටපත කියවන ඕනෑම කෙනෙක් ඒ චරිතයට තෝරා ගන්නේ මේනකාව. ඇය ඒ චරිතයට ඉතාමත් හොඳින් ගැළපෙනවා. ඒ නිසයි මම ඇයව තෝරා ගන්නේ. ඇය මගේ බිරිඳ නිසා ඇගේ හැකියාවන් ගැනත් මම හොඳින් දන්නවානේ.

මේනකා, ජගත් මනුවර්ණත් එක්ක රඟපාන ප්‍රේම ජවනිකා අධ්‍යක්ෂණය කිරීම ඔබට මොන වගේ අත්දැකීමක් වුණාද?

ඒක අධ්‍යක්ෂවරයෙකුගේ අත්දැකීමක් විතරයි. එතැනදී කැමරාව ඉදිරියේ ඉන්නේ මගේ බිරිඳ කියන එක මට අදාළ නැහැ. මම කවදාවත් වෘත්තියයි, පෞද්ගලික ජීවිතයයි පටලවාගන්නේ නැහැ.

අධ්‍යක්ෂවරයෙකු වීම ලොකුම හීනය බව රනිල් පැවැසුවා. අධ්‍යක්ෂවරයෙක් විදියට මතුවන විට දවසක අධ්‍යක්ෂණයයි නළුකමයි දෙකින් එකක් තෝරා ගන්න වුණොත් ඔබ මොන වගේ තීරණයක්ද ගන්නේ ?

එහෙම වුණොත් මම අධ්‍යක්ෂණය විතරක් තෝරා ගනිවී.

ඉදිරියේ දී කරන හැම නිර්මාණයකදීම ප්‍රධාන නිළිය මේනකාම වේවිද ?

නැහැ.. මම මුලිනුත් කිව්වේ මම පෞද්ගලිකත්වයයි රස්සාවයි එකට පටලවා ගන්නේ නැහැ කියලා.

ලක්බිම

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top