* හිමායා කියනවට වඩා ඔබව දන්නෙ සොනාලි ටීචර් කිව්වහම නේද?
ඔව්, අවුරුද්දක් තිස්සේ ඒ ප්‍රතිචාර එක වගේම ලැබෙනවා. ලංකාවේ වගේම ලෝකයේ ඉන්න දෙවැනි ඉනිම බලන හැම ප්‍රේක්ෂකයෙක් අතරෙම ජනප්‍රිය චරිතයක් තමයි සොනාලි ටීචර් කියන්නේ.
* චරිතය ලැබෙද්දි හිතුවද මේ තරම් ජනප්‍රිය වෙයි කියලා?
එහෙම කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. පාලිත අයියා මම රඟපාද්දි කීවා මේ චරිතය ඔයා හිතනවට වඩා ජනප්‍රියයි කියලා. අධ්‍යක්ෂතුමත් කීවා මේ චරිතය ජනප්‍රිය වෙයි කියලා. ඒත් මම ඒ ගැන ලොකුවට හිතුවේ නැහැ. මම හිතපු නැති විදිහට අනෙක් අය හිතපු විදිහට ඒ චරිතය ජනප්‍රිය වුණා.
* සොනාලි ටීචර් අහිංසක වැඩියි කියලා හිතෙන්නේ නැද්ද?
අහිංසකකමත් නැහැ. ඒ චරිතය ලියැවිලා තියෙන්නේ සහෝදරයෙක් වගේ, දරුවන්ට අම්මෙක් වගේ ඉන්න ගුරුවරියක් විදිහට. මම ළමයින්ට වේවැලෙන් ගහනවා. ඒ ගහන පාරවල් පුහුණුවීම් කරද්දි ඇත්තටම වදිනවා. එතකොට ළමයි ටික මූණ එල්ලන් ඉන්නවා නිකනුත් ගහනවා කියලා. මට හිතෙනවා මේ සැර ඇති කියලා. මොකද ළමයින්ට තවත් සැර කරන්න ගියොත් මම යකින්නියක් වෙයි කියලා හිතෙනවා.
* හිමායා ජනප්‍රිය නිසා නිර්මාණවලට ආරාධනා ලැබෙනවා කියන්නෙ ඇත්තද?
ලොකු විශේෂයක් නැහැ. මට බොරු කියන්න ඕන නැහැ. හැම වැඩකටම කතා කරනවා කියලා. ඊට කලින් වැඩවලට ගොඩක් කතා කළා. සමහර නිර්මාණවලට කතා කරන්නෙ ගොඩක් අඩු මුදලකට. ඒ මුදලට මම කොහොමත් වැඩ කරන්නෙ නැහැ.
* රංගනය නිසා හිමායා කියන නිවේදිකාව මගහැරිලද?
නිවේදනය තරමක් දුරට මගහැරිලා. මම බලාපොරොත්තු වෙනවා අලුත් වැඩක් පටන් ගන්න. මම හරි කැමැතියි මගේ ඇතුළේ ඉන්න නිවේදිකාවට. කවදා හරි මේ ක්ෂේත්රයේ සමුගන්නකම් නිවේදනය අත්හරින්නෙ නැහැ.
* හිමායා සැබෑ ජීවිතයේ මොන වගේ කෙනෙක්ද?
සාමාන්‍ය ජීවිතයේ මම ජීවිතය විඳින්න කැමැති කෙනෙක්. පාටිවලට ගිහින්, ක්ලබ්වලට ගිහින් නෙවෙයි ලංකාවේ වගේම පිටරට තියෙන සුන්දර තැන්වල ඇවිදින්න හරිම ආසයි. ඇඩ්වෙන්චර්වලට කැමැතියි. මම ළඟින් ආශ්‍රය කරන අයත් එක්ක කෑගහලා සතුටින් ඉන්න මම ගොඩක්ම කැමැතියි වගේම පොළොවේ පය ගහලා ජීවත්වෙන සරල කෙනෙක් මම.
* වෘත්තීය ජීවිතයේ ලැබෙන වටිනාකම ගැන සෑහීමකට පත්වෙනවාද?
ඔව්. ඒ වටිනාකම කියලා නිම කරන්න බැහැ. හිමායා කියන කෙනෙක් කලාකාරිනියක් විදිහට නිර්මාණය කරගත්ත නිසා මම සමාජයට විශේෂ හිමායා කෙනෙක්. මිනිස්සුන්ගෙන් ලැබෙන ආදරය, ගෞරවය ගැන මම සතුටු වෙනවා. මගේ දිහා කවුරුත් නරක විදිහට බලලා නැහැ. වෘත්තීය ජීවිතයේ ඇතිකරගත්ත හොඳ මේ ජීවිතයෙන් සමුගන්නකම්ම පවත්වාගෙන යනවා. ඒ වටිනාකම මගේ පුද්ගලික ජීවිතයටත් ලොකු වටිනාකමක් ලබාදීලා තියෙනවා.
* ක්ෂේත්රයට එකතුවෙලා වසර කීයක් වෙනවද?
අවුරුදු 10ක් වෙනවා. මගේ පළමු ටෙලි නාට්‍යය තමයි ගිහාන් රෝහණ මහත්මයාගේ හිම කඳුළු. 2009 වර්ෂයේ තමයි ඒක විකාශය වුණේ.
* සිනමා නිර්මාණවලට ආරාධනා නොලැබෙන නිසාද ඔබ සිනමාවේ දකින්න නොලැබෙන්නේ?
මම සාමා කියන චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවා. ඒ චිත්‍රපටය රූගත කරලා වසර දෙකකටත් කිට්ටුයි. ළඟදීම චිත්‍රපටය තිරගත වේවි කියලා හිතනවා.
* වෘත්තීය ජීවිතයට මුල්තැන දෙන නිසා පුද්ගලික ජීවිතය මගහැරිලාද?
මම ගොඩක් කාර්යබහුල කෙනෙක් නෙවෙයි. වැඩ ගොඩක් බදාගෙන කරන්නෙත් නැහැ. ඒ නිසා පුද්ගලික ජීවිතය මගහැරිලා නැහැ. ඇතැම් වෙලාවට වෘත්තීය ජීවිතයට වඩා පුද්ගලික ජීවිතය මම විඳිනවා. වෘත්තීය ජීවිතයේ අනෙක් අය දකින්නේ නැති මහන්සියක් තියෙනවා.
* හිමායා ළඟදි විවාහ වෙන්න යනවා කියන්නෙ ඇත්තද?
එහෙම ඉක්මනට විවාහයක් වෙන්නෙ නැහැ. තවම කවදද විවාහ වෙන්නෙ කියලා තීරණය කරලා නැහැ. හැමදේටම වෙලාවක් තියෙනවා. ඒ වෙලාව හෙට ආවොත් මම හෙට වුණත් විවාහ වෙනවා.
* ඒ කියන්නේ හිමායා පෙම්වතියක්?
නැහැ කීවොත් බොරුවක්. ඇතැම් කාලවලදී පෙම්වතෙක් හිටියෙ නැතත් මම පෙම්වතියක් කියලා තියෙනවා. ආදරය හරිම සුන්දර දෙයක්.
* එයා ක්ෂේත්රයට සම්බන්ධයිද?
නැහැ. එයා කොහෙත්ම මේකට සම්බන්ධ නැහැ. ක්ෂේත්රයේ ඉන්න හැමෝම මගේ සහෝදරයෝ. මට කිසිම දවසක ක්ෂේත්රයේ පෙම්වතුන් ඉඳලා නැහැ. ඉන්නෙත් නැහැ.
* හිමායා-චමරි කියන්නේ හොඳම යාළුවෝ නේද?
චමරි කියන්නේ මගේ ජීවිතයේ සුවිශේෂි කෙනෙක්. එයා මගේ ක්ෂේත්රයේ කෙනෙක් නොවන නිසා ආශ්‍රය කරන්න හරි පහසුයි. මගේ අම්මා, තාත්තා වගේ ළඟින්ම ඉන්නවා. මට වඩා ඇය ලෝකය දැකපු කෙනෙක්. අපි දෙන්නා ළඟ ඊරිසියාව නැහැ. ඇයට මම ගරු කරනවා වගේම ආදරය කරනවා.
* කොච්චර කාලයක් වෙනවද මේ මිත්‍රත්වයට?
අවුරුදු තුනක් වෙනවා. අපට තව යාළුවෝ ගොඩක් ඉන්නවා. අපි හැමෝම හැලහැප්පීම් මැද වෙනස් නොවී ඉන්නවා.
* චමරි කොහොමද ඔබට මුණගැහෙන්නේ?
ඇය මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි මුණ ගැහෙන්නේ. ඊට කලින් ෆේස්බුක් හරහා අපි දන්නවා. චමරි එක්ක කතාබහ කළහම තේරුණා ඇය ගොඩක් හොඳ යාළුවෙක් කියලා.
(රිවිර)
පින්තූර - හිමායා බණ්ඩාර ෆේස්බුක් පිටුවෙන්




