මෙරට මානව සම්පත් කළමණාකරණයට ගුරුහරුකම් දෙන , අභිමානයෙන් යුුතුව වසර ගණනාවක් එම වෘත්තීයේ යෙදෙන ඇය වෙන්යා ජයසේකර මහත්මියයි. සුප්රසිද්ධ ගාලු මුවදොර හෝටලයේ මානව සම්පත් කළමනාකරණ අංශයේ අධ්යක්ෂිකාව ලෙස ඇය මේ වන විට කටයුතු කරන්නීය. නිසි ලෙස මානව සම්පත කළමනාකරණය නොවූ රටක , දිනෙන් දින ඒ හේතුවෙන් ගැටලුු මතුවන රටක මානව සම්පත් කළමණාකරණය පිළිබඳවම ඇය සමඟ කතා කිරීමට පසුගියදා ශ්රී ලංකා මිරර් අප ගාලු මුවදොර හෝටලයට ගියෙමු.
කාන්තාවක ලෙස විවිධ අවස්ථාවන්ට මුහුණ දෙමින් වෙන්යා ජයසේකර මහත්මිය පැමිණි ගමන සහ ඇගේ අත්දැකීම් සහ අදහස් ඇය අප සමඟ බෙදා ගත්තේ මෙලෙසයි.
සොබාදහම විසින්ම කාන්තාව සහ පුරුෂයා වෙන්කර ඇත්තේ ඔවුනොවුන්ගේ සීමා මායිම් පෙන්වාදෙමිනි. ඒ වෙනස උත්පත්තියටම සීමා කරමින් මේ වන විට කාන්තාවත් පුරුෂයාත් කරට කර ජීවන සටනේ යෙදෙයි. නමුත් මානව සම්පත් කළමණාකරණ විෂය ධාරාව තුළ ඔවුන් පැහැදිලිව බෙදීමකට ලක්කර ඇත. ඒ බෙදීම තුළ කාන්තාවට විශේෂ රැකවරණයක් ලබාදී ඇත. ගාලු මුවදොර හෝටලයේ සේවය කරන කාන්තාවකගේ ආරක්ෂාව වගේම ඇගේ අභිමානය රැකෙන්නේ කෙසේද? ඇය මෙසේ පවසයි.
වසර 18 ක වෘත්තීය ජීවිතය අද මෙතැනට ඔසවා තබන්නේ දුක්කම්කටොලු මැද්දෙන්. කැපවීම මැද්දෙන්. තේරුම්කර දීම වගේම තේරුම් ගැනීමත් වෘත්තීය ජීවිතයේ පැවැත්මට වැදගත්. ස්වයං කළමනාකරණය තුළින් පිරිස් කළමනාකරණය පිවිසීම ගෞරවනීයයි.
සංවාදය - ශිරන්තනී මානවඩු
වීඩියෝ සහ ඡායා - ශානිකා ජයසේකර