Oct 09, 2018

රුපියල බාල්දු කෙරුණු, මෙන්න කුමන්ත්‍රණයක කරුණු (වීඩියෝ)

තමා ගෙනා නයිජීරියානු රජය හා ව්‍යාපෘතිය හා විශ්‍රමික ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් ගෙනා ව්‍යාපෘතිවලට සහය ලැබුණේ නම් රුපියල බාල්දු නොවන බව ඇවන්ට් ගාර්ඩ් මෙරිටයිම්ස් හි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කියයි.

නයිජීරියානු ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 500ක් හා නිලධාරීන් වෙනුවෙන් ගෙනා ව්‍යාපෘතියෙන් ඩොලර් මිලියන 850ක් උපයා ගැනීමට අවස්ථාව තිබූ බව ඒ මහතා කියා සිටියේය.

"නිශ්ශංකගේ යෝජනාවට පයින් ගසා රුපියල බාල්දු කරලා !” යනුවෙන් විශ්‍රාමික ආරක්ෂක අංශ නිලධාරීන් යොදාගනිමින් මසකට ඩොලර් මිලියන 70ක් රටට උපයාගත හැකිව තිබූ යෝජනාවක් ආරක්ෂක අමාත්‍යංශය විසින් පැහැර හැරීම සම්බන්ධයෙන් ඊයේ (07) ශ්‍රී ලංකා මිරර් ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් නිශ්ශංක සේනාධිපති මහතාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් මෙසේද කීය. (වීඩියෝව)

සබැඳි පුවත්
නිශ්ශංකගේ යෝජනාවට පයින් ගසා රුපියල බාල්දු කරලා !

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top