May 17, 2019

වෙසක් සමරන්න අපිත් එක් වෙනවා

සැබෑ කලාකරුවාට ජාති භේදයක් නැත. ආගම් භේදයක් නැත. කුල මල හෝ පංති භේදයක්ද නැත. දේශ හිතෛෂියකු වන කලාකරුවාට ජාති හිතෛෂියකු ද විය හැක. ජාතිවාදියකු හෝ ආගම්වාදියකු කිසි දිනක කලාකරුවෙක් වන්නේ නැත. එවැන්නන් රටට සමාජයට කිසිදු පලක් නැති පුස්සන්ය. අපි මේ දිනවල අත්විදින ඛේදනීය සිදුවීම් හමුවේ සැබෑ කලාකරුවන් දුටිමු. එහෙත් ඒ අතර වැදගත් කලා පරපුරකින් පැවත එන , ගායකයකු යැයි කියාගන්නා , මළමිනීවල පු`ථටු ග`දට ඉව අල්ලන පුස්සෙක් ද දුටිමු.

මිනිසුන් මරන්නට, දේපළ කොල්ල කන්නට උසිගන්වන එවන් නරුමයෙක් ගැන නොව මෙම සටහන තබන්නේ ආරම්භයේදීම සදහන් කළ අන්දමේ සැබෑ කලාකරුවෙක් ගැන කියන්නටය. ඔහු මේරියන්ස් නායක නලින් පෙරේරාය. නලින් පෙරේරා නම් සංවේදී ගායකයාය. කිතුනුවෙක් වන නලින් මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් කිතුනුවන්ගෙන් ඉල්ලිමක් කර සිටී. නලින් ඒ ගැන ‘ සිනමා කලා සංග‍්‍රහය‘ සමඟ කතාබහ කළේය. 

‘‘අද මම කලාකරුවකු ලෙස යම්කිසි තැනක ඉන්නවා නම් ඒ මා වටා සිටින රසිකයින් නිසා. ජාති ආගම් භේදයක් නැතිවයි ඔවුන් මගේ නිර්මාණවලට අත්පුඩි ගහන්නේ.. මම නිතරම මාරවිල සිට කොළඹ එන්නේ මීගමුව කටුවපිටිය දේවස්ථානය පසුකරමින්. මට හො`දට මතකයි මම කොළඹ එද්දී පල්ලිය පාරේ ඉ`දන් ‘‘නලීන් අයියා ’’ කියලා සමහරු අත වනනවා. ඒත් පහුගිය 21 වැනිදා ඉ`දලා ඒ අයව මම දැක්කෙ නැහැ. මම දන්නව ඔවුන් මේ වෙද්දී ජීවතුන් අතර නැහැ කියලා. ඒ සමහර අයගේ ගෙවල් තවමත් වහලා. මම දන්නවා ඒ අය පවුළ පිටින්ම ජීවිත පූජා කරලා කියලා. ඒ පාරෙන් ගමන් කරද්දී මේ දුක වේදනාව හැමදාම මට දැනේවි . මම දන්නවා අපෙන් වෙන්ව ගිය ඒ හැම දෙනාටම නිත්‍ය සැනසීම ලැබෙන බව. ඔවුන් සමාදානයේ සැතපෙන බව. ඔවුන්ට ස්වර්ගයේ දොරටු විවර වන බව. ඒ අය අපට පණිවිඩයක් දීලා ගියා. ජාති ආගම් වශයෙන් බෙදෙන්නේ නැතිව අපට එකතුවෙන්න කියලා.. මේක ඉවසීමෙන් දරාගන්න කියලා කාදිනල්තුමා ජනතාවගෙන් ඉල්ලා සිටියා . ඒක අහලා මිනිස්සු ඒ විනීත බව, ඉවසීම රැකගත්තා. , බෞද්ධ අයත් කාදිනල්තුමාගේ ඒ වචනයට අවනත වුණා. ඒ දක්වපු ගෞරවය මගේ හදවතෙන් මැකිලා යන එකක් නැහැ. ඒ වගේම මම දැක්කා ස්වාමීන්වහන්සේලා පිරිසක් කටුවාපිටිය පල්ලියට ඇවිත් ශුද්ධ පවිත‍්‍ර කරනවා. මගේ ඇස් කඳුළින් තෙත් වුණා. කතෝලික අයට ආදරය අවශ්‍යම අවස්ථාවක එවැනි සෙනෙහසක් ලැබීම හරිම පුදුමයි.

මා මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ රටේ ශ‍්‍රී ලාංකිකයන් විදිහට ජීවත්වීමට කැමති නම් අනවශ්‍ය අන්තවාදයට එරෙහිවන්න. ඒ ස`දහා අනෙක් හැමෝටම කලින් පෙරට ආ යුත්තේ ඔබයි. මේ විෂබීජය විනාශ කරන්න අපට වඩා අවස්ථාව තියෙන්නේ ඔබට. ඒක අපට වඩා ඉක්මනට දකින්නේ, දැනෙන්නේ ඔබට. වැරදි පාරේ යන ඔබේ සහෝදරයා සහෝදරිය හරි පාරට ගන්න උත්සාහ කරන්න. දවසට පස් වතාවක් ආගම අදහන භක්තිමත් පිරිසක් අතරින් මනුෂ්‍යත්වයේ පයට පෑගෙන්නවත් සුදුසු නැති තරමේ මුළාවකට වැටුණු පිරිසක් බිහිවුණේ කොහොමද කියල හොයන්න. අවංක සිතින් ඒ කටයුත්තට පෙළඹෙන්න කියලා මම ඉල්ලනවා.

මම මගේ ගෙදරට එන ඕනෑම කෙනෙක්ව පිළිගන්නේ ආදරෙන්. සෙනෙහසින්. මගේ ගෙදර ආදරය සෙනෙහස ඇරෙන්න මිනිසුන්ට හිංසා කරන්න ආයුධ තියාගෙන නැහැ. මම හිතන්නේ කඩු කිණිසි නෙවෙයි හැම ගෙදරකම තිබිය යුත්තේ ආදරයයි.

අවි ගත් අය නැසෙන්නේ අවියෙන්මයි . පිට රටකට ගිහින් ජීවත්වීමේ හැකියාව මටත් මගේ පවුලේ අයටත් තියෙනවා. ඒත් මට මගේ මව් බිමට වඩා කිසිම රටක් වටින්නේ නැහැ. මේ රට ස්වර්ගයක් කර ගන්න ඇයි අපිට බැරි. ඇයි අපි බෝම්බ පුපුරුවාගෙන තවත් ජීවිත ගණනාවක් නසමින් ස්වර්ගයට යන්න තරම් මෝඩ වෙන්නේ.

මම මුලින්ම බෞද්ධ ආගමික ස්ථානයකට කියලා ගියේ දළදා මාලිගාවට. ඒ පුංචිම කාලේ .. බුදු හිමියන්ට මලක් පූජා කරන්න මට ඇතිවුණේ පුදුම ආශාවක්. එදා මට බුදුහාමුදුරුවන්ව දැනුනා. ළමා කාලෙදිම බුදු දහමේ තියෙන නිවුනු බව මට දැනුනා. මම බණ අහන්න පෙළඹුනා. ඒ වගේම යුද්ධ කාලේ හමුදා සෙබළුන් වෙනුවෙන් ගීත ගායනා කරන්න උතුරට ගියාම මම කෝවිල්වලට යනවා. ඒ

ගිහින් කෝවිලේ චාරිත‍්‍ර සියල්ල කරලා තියෙනවා. නමුත් මට ඉස්ලාම් ධර්මයේ පහස විඳින්න අවස්ථාවක් උදාවෙලා නැහැ. සැබෑ ඉස්ලාම් ධර්මය අදහන මුස්ලිම් සහෝදරයන්ගෙන් මම ඉල්ලා සිටිනවා ඔබේ ධර්මය අපටත් කියා දෙන්න. අපිත් එක්ක ආගම දහම බෙදාගන්න. ඒ ඉස්ලාම් ධර්මය පල්ලි ඇතුළෙ කූඩු කරන්න එපා. ඒ දහමේ තියෙන ආදරය සෙනෙහස අපටත් බෙදල දෙන්න. මේක තමයි හොඳම වෙලාව මේවා එළියට එන්න. මේ කියන්නේ ?ට ප‍්‍රසංගවලට ගිහින් එද්දී පෙරියමුල්ලේ මුස්ලිම් කඩෙන් කෑම කාලා එන කෙනෙක්. ඒ ආහාරයේ රසය විතරක් නෙමෙයි, ඒ ආගමේ රසයත් අපට වි`දින්න දෙන්න.

මේ වෙසක් සමය. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ක‍්‍රියාවට නංවන්න හොඳම කාලය. මෛත‍්‍රිය, කරුණාව දක්වන්න හොඳම වෙලාව...ඒ නිසාම මගේ ගෙදරත් මේ වෙසෙඟ් මෙත් කරුණාවෙන් ආලෝකමත් වෙනවා. බෞද්ධ සහෝදරයන් සමඟ එකතු වෙලා අපිත් මෙවර වෙසක් උත්සවය සමරමු. ආගමික සහජීවනයේ ආලෝකය පතුරුවා හරිමු.

බෞද්ධ හිතවතුන් එදා අප සමග එකට හඬා වැළපුණා...ඔවුන්ගේ විහාරස්ථාන වල අපේ දේව මෙහෙයන් පවත්වන්නට ඉඩ සලසා දුන්නා... වෙසක් දන්සැල්වලට වියදම් කරන මුදල් අපේ දේවස්ථාන පිළිසකර කිරීම වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බව පැවසුවා...

ආරක්ෂක හේතූන් මත මෙවර වෙසක් කලාප පැවත්වීම තහනම් කිරීමට රජය තීරණය කරනවා. අපට ශක්තියක් වූ බෞද්ධ ජනතාවට කෘතගුණ සැලකීමක් ලෙසත් ඔවුන්ට අවශ්‍ය මොහොතක ඔවුන් වෙනුවෙන් පෙළගැසීමට කිතුනුවන් වන අපද සූදානම් බව සංකේතවත් කළ යුතුයි. ඒ නිසා වෙසක් දිනවල අපේ නිවෙස්වලත් වෙසක් කූඩුවක් එල්ලා හෝ පහනක් දල්වා සම්බුදු තෙමඟුල සැමරීමට සහෝදර බෞද්ධ ජනතාව සමග අපිත් පෙළ ගැසෙමු..!

මුළු රටම එක වෙසක් කළාපයක් කරමු....!

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top