Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Apr 04, 2017

කොහොමහරි කොල්ලෙක් හොයන් බඳින්න ඕන - රීමා රම්සිනා

වේදිකා නාට්‍යයක පිරිමි චරිතයක් නිරුපනය කරමින් නිරූපන කේෂත්‍රයට පිවිසි රීමා රම්සිනා මේවන විට කාර්‍ය බහුල නිරූපිකාවකි. අධ්‍යාපනයට බාධාවක් වෙතැයි සිතා රඟපෑමට විරාමයක් තබා සිටින රීමා නිරූපනයට නම් තවමත් විරාම තබා නැත. ඇය සමඟ කළ කෙටි පිළිසඳරකි මේ.

Reema 2ඔබ  ඉදිරියට යන්න කැමති රංගනයෙන්ද? නිරුපනයෙන්ද ?
නිරුපිකාවක් වගේම නිලියක් පැති දෙකෙන්ම මම ඉදියට යන්න කැමතියි . ඒ දෙකම සමබරව කරගෙන යනවා .ඒ දෙකටම මම එක වගේ ආදරෙයි , ඒ වගේම ඒ දෙකම කරන්න පුළුවන්

ඒ දෙක ගැන ඔබට තියෙන ප්‍රතිපත්ති මොනාද ?

වෙනම ශේෂ්ත්‍ර  දෙකක් ඒ වගේම දෙවිදියක් . නිරුපිකාවක් විදියට කටයුතු කිරීමේදී ඒක එක  ලිමිට් එකකට කරගෙන යනවා . නිලියක් විදියට හරි දේ හරි විදියට තෝර බේරා ගෙන කරනවා . හරි දේ හරි විදියට කලාම හොද ගමනක් යන්න පුළුවන් කියලායි  මම හිතන්නේ  . ඒක  තමයි මගේ ප්‍රතිපත්තිය

අද ෆීල්ඩ් එකේ ගොසිප් හදාගෙන ඉදිරියට ට්‍රෙන්ඩ් එකක් තියෙනවා . ඔබත් එහෙමද ?
ඔව් එහෙම අය වැඩියි. ඒක එක  එක්කෙනාගේ කැමැත්ත . තම තමන්ගේ කැමැත්තට අනුව වැඩ කරන දේවල් වලට අපිට ඇගිලි ගහන්න බැහැ . එහෙම ගොසිප් හදා  ගන්න එක  දැන් විලාසිතාවක් වෙලා ඉවරයි. මේක වෙනස් කරන්නත් බැහැ.  තමන්ට හැකියාව තියෙනවා නම් අනවශ්‍ය දේවල් කරලා එහෙම ජනප්‍රිය වෙන්න ඕන  නැහැ .මම මගේ ගමන යනවා අනිත් අය ගැන හොයන්නේ නැහැReema 3

රීමා ගැන ගොසිප් එකක්  හැදුනොත්?
මම ගණන් ගන්නේ නැහැ .  වැඩ නැති අය තමයි ඔය වගේ දේවල් කරන්නේ . හැකියාව තියෙනවා  නම් වැඩ එනවා ඕන තරම් . මම දන්නවා මට හැකියාව තියෙනවා කියලා . එන වැඩේ හරියට මම බාර ගෙන කරනවා .

නිරුපිකාවක් විදියට ඔබට වැදගත් දේවල් මොනාද ?
තවම  මම මේ සම්බන්දයෙන්  ඉගෙන ගන්නවා. රූපය, ශරීරයේ මනා හැඩය නිරුපිකාවට වැදගත්.ඒ වගේ වැදගත් වන තව  ගොඩක් තියෙනවා

ඉදිරි බලාපොරොත්තු මොනවද ?
ගොඩක් තියෙනවා . දැනට රුපලාවන්‍ය ඉගෙන ගන්නවා .නිරුපිකාවක් විදියට වැඩ කරනවා. රගපාන්න අවොත් හරි දෙයක් බලලා භාර  ගන්නවා. උසස් අද්‍යාපනය සදහා විදේශ ගත වෙන්නත් , මගේම වියාපාරයක් කරන්නත් හිතාගෙන ඉන්නවා. ඒ වගේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා . නිවේදනයටත් අරාධනා  තියෙනවා . බලමු ඉතිං

ඔය අතර කොල්ලෙක් හොයාගෙන කසාදයක් කර ගන්න අදහසක් නැද්ද ?
ඔව් කොහොම හරි කොල්ලෙක් හොයන් බඳින්න ඕන. අද සමාජේ ගොඩක් ප්‍රශ්න දකිනවා. මට ඕන හැමදාම සතුටින් ඉන්න කරන දේ හරියට කරන්න. ජිවිතේ  සාර්ථක කර ගන්න උපරිම දේ කරන්න හිතාගෙන ඉන්නවා

ඡායාරූප - රණුක විජේවර්ධන

Reema 1

Reema 4

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top