Pasidol

Sathosa

ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ ඔහුගේ නිවසේදී ඊයේ (20) පැවති දානමය පුන්‍ය කර්මයේ අවස්ථාවක් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ ඔහුගේ නිවසේදී ඊයේ (20) පැවති දානමය පුන්‍ය කර්මයේ අවස්ථාවක්
Jun 21, 2018

ගෝඨාට හිට්ලර් කෙනෙක් වෙන්නැයි අනු නාහිමිගෙන් ඉල්ලීමක් ! (වීඩියෝ)

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ රට හදන්නැයි ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ ඔහුගේ නිවසේදී ඊයේ (20) පැවති දානමය පුන්‍ය කර්මයේදී අනුශාසනාවක් කරමිනි.




මෙම අවස්ථාව සදහා ත්‍රෛනිකායන් නියෝජනය කරමින් සංඝයා වහන්සේලා පිරිසක්ද වැඩම කරවා තිබින.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ ඇතුළු සියළු රාජපක්‍ෂ සහෝදරයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල සහ ඩබ්.ඩී.ජේ.සෙනෙවිරත්න ඇතුලූ පිරිසක් ද මෙම දානමය පුණ්‍යකර්මය සඳහා එක්ව සිටීම විශේෂත්වයකි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මාධ්‍ය වෙත අනාවැකියක් පළ කළේය.


''මිලිටරි නායකයකු රාජ්‍ය නායකයා වීම සුදුසු නෑ'' - වාසුදේව 
කෙසේවුවද ඒකාබද්ධ විපක්ෂයේ නායකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී ප්‍රකාශකර සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට නොගැලපෙන බවත් ඔහුට ජනාධිපති අපේක්ෂකයෙක් වී ජය ගත නොහැකි බවත් ය.

ගොඨාභය රාජපක්ෂ මහතා මිලිටරි නායකයෙකු බවත් එවැනි පුද්ගලයෙකු රාජ්‍ය නායකයා වීම සුදුසු නැති බවත් වාසුදේව නානායක්කාර මහතා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top