Pasidol

Sathosa

Jun 21, 2018

සයිටම් සිසුන් 982ක්‌ කොතලාවලට - පනත සම්මතයි

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කොට එහි සිටි සිසුන් 982 ක්‌ කොතලාවල විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීමේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‌ෂක විශ්වවිද්‍යාලය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (20 දා) සම්මත විය.

පනත් කෙටුම්පත වෙනුවෙන් ඡන්ද විමසීමක්‌ සඳහා කාලය වෙන් කර තිබුණද ඡන්ද විමසීමකින් තොරව පනත් කෙටුම්පත සම්මත විය.

සිසුන් 982 ක්‌ කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමෙන් පසුව සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි වන බව පැවසූ උසස්‌ අධ්‍යාපන හා සංස්‌කෘතික ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා වෛද්‍ය පීඨයට ඇතුළත් වීමේ අවම සුදුසුකම එස්‌ 3 ලෙස සඳහන් කර ඇත්තේ මෙම සිසුන් සඳහා පමණක්‌ බවද සඳහන් කළේය.

ඇතුළත් කර ගන්නා සිසුන් කුමන අධ්‍යාපන මට්‌ටමක සිටින්නේද ඔවුන් ඇතුළත් කළ යුත්තේ පළමු වසරටද නැතිනම් අවසන් වසරටද යන්න තීරණය කරනුයේ කොතලාවල මහාචාර්යවරුන් පවත්වන පරීක්‌ෂණයක්‌ මගින් බවද ඇමැතිවරයා සඳහන් කළේය.

සිසුන් සඳහා උපාධියක්‌ පිරිනැමීම මෙයින් සිදුවන නමුත් ඔවුන්ගේ වෘත්තිය තත්ත්වය තීරණය කිරීමට වෛද්‍ය සභාවට ඇති ස්‌වාධීන අයිතිය පනතින් අහෝසි නොවන බවද ඇමැතිවරයා කීවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top