Pasidol

Sathosa

Jun 21, 2018

ක්ෂේත්‍ර කිහිපයකට බදු සහන !

ක්ෂේත්‍ර කිහිපයකට බදු සහන සැලසීම සඳහා අදාළ බදු පනත් සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය ආදායම ස්ථාවරව පවත්වා ගැනීම පිණිස එකතු කළ අගය මත බදු (VAT) පනත, ජාතිය ගොඩනැගීමේ බදු (NBT) පනත සහ ආර්ථික සේවා ගාස්තු (ESC) පනත, යන පනත් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබාදී තිබිණ.

එසේ වුවද, විවිධ පාර්ශ්වකරුවන් විසින් කරනු ලැබ ඇති ඉල්ලීම් සැලකිල්ලට ගෙන, පනවනු ලැබ ඇති ඇතැම් බදු ඉවත් කිරීම සුදුදු බව හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, වෛද්‍ය උපදේශන ගාස්තු, චැනල් ගාස්තු හා වෛද්‍ය වෘත්තිකයන්ට ගෙවන ගාස්තු මත පනවන ලද එකතු කළ අගය මත බදු (VAT) ඉවත් කිරීම, 2017 අගෝස්තු 01 දිනට පෙර එළඹ ඇති ඉදිකිරීම් ගිවිසුම් යටතේ සපයනු ලබන ඉදි කිරීම් සේවා ජාතික ගොඩනැගීමේ බද්දෙන් (NBT) නිදහස් කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපලබ්ධි නොවූ විනිමය හුවමාරු ලාභ ආර්ථික සේවා ගාස්තුවෙන් (ESC) නිදහස් කිරීම සඳහා අදාළ පනත් සංශෝධනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය අඟහරුවාදා (19) ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top