ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් අද (07) පස්වරුවේ සිදුවිය.
ඒ, යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නිවසේදී ය.
මෙම හමුවේදී විශේෂ සාකච්ඡාවක් සිදුව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජනපතිවරණ ජනරැලි දෙකක් ඇමතීම සඳහා යාපනයට පැමිණි අතරවාරයේදී මෙම හමුව සිදුවිය.
තම නිවසට පැමිණි ජනාධිපතිවරයා මාවෙයි සේනාධිරාජා විසින් හින්දු ආගමික සම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.
ජනාධිපතිවරයා එම නිවසට ගියේ මාවෙයි සේනාධිරාජා කළ පෞද්ගලික ආරාධනයකට අනුව බව වාර්තා වෙයි.
කෙසේවුවද අදාළ හමුවෙන් පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ජනපතිවරණයෙන් ජයග්‍රහණය කර, උතුරු පළාතේ සංවර්ධනය තහවුරු කරනු ඇතැයි තමා විශ්වාස කරන බව මාධ්‍යයට අදහස් දක්වමින් ඉලංකෙයි තමිල් අරසු කච්චි නායක මාවෙයි සේනාධිරාජා මහතා පවසා ඇත.