Connect with us

පුවත්

“LTL  සහ ඉන්දියාවේ Petro net අතර ගිවිසුම ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය අහිමිකරන එකක්”

Published

on

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සමාගමක් වන එල්ටීඑල් හොල්ඩිංග්ස් සමාගම (LTL Holdings Limited, Sri Lanka) සහ ඉන්දියාවේ පෙට්‍රොනෙට් එල්එන්ජී සමාගම (Petronet LNG Limited, India)  අතර ගිවිසුම ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය මුළුමනින්ම පාහේ අහිමි කරන ගිවිසුමක් යැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කියයි.

ඔහු මේ බව කියා සිටියේ කෙරවලපිටිය “සොබාදනවි” ඒකාබද්ධ චක්‍රීය බලාගාරය සඳහා ද්‍රවීකෘත ස්වභාවික වායු (Liquefied natural gas – LNG) ගබඩා කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය, LNG ප්‍රතිවායුකරණය කිරීම සහ සැපයීම සම්බන්ධයෙන් අදාළ සමාගම් අතර අගෝස්තු 20 වැනිදා අත්සන් කළ ගිවිසුම පිළිබඳව සඳහන් කරමින් මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුව මැතිවරණ උණුසුමෙන් ජනතාව හිරිවට්ටවා ලංකාවේ ආර්ථික සහ දේශපාලන ස්වෛරීත්වය විනාශ කරන ගිවිසුම් අත්සන් කරමින් සිටින බවට ද චෝදනා කළේය.

LNG හෙවත් ද්‍රවීකෘත ස්වභාවික වායුව ගෙන්වීම මේ ඉන්දීය සමාගමට ලබාදී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව තරගකාරී මිල කැඳවීම සහ අවම මිලට අවස්ථාව ලබාදීම යන ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින් බවට ද පුබුදු ජාගොඩ මහතා චෝදනා කළේය.

ඒ අනුව ඉහළ මිල ගණන් වලට ඉන්ධන මිලදී ගෙන අමතර බරක් විදුලි පාරිභෝගිකයා මත පැටවීමට නියමිත බවට ද ඔහු අනතුරු ඇඟවීය.

ඉන්දියාව සිදු කරන දේශපාලන හා ආර්ථික බලහත්කාරය ගැනත් ලංකාවේ ආණ්ඩුව ඒ ඉදිරියේ දණ ගැසීම ගැනත් ආණ්ඩුව වගේම විපක්ෂයත් නිහඬ බවද ඔහු පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඔහු මෙසේ ද කීවේය.

‘‘ලංකාවේ ජනතාවගේ ඇස් මැතිවරණ මල් වෙඩි සංදර්ශන වලින් නිලංකාර කර ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය මුළුමනින්ම පාහේ අහිමි කරන ගිවිසුමක් ඉන්දියානු සමාගමක් සමග අත්සන් කර තිබෙනවා. රාජ්‍ය සමාගමක් වන LTL holdings සමාගම සහ ඉන්දියාවේ Petro net LNG සමාගම අතර ගිවිසුමක් අත්සන් කළ බව කීවද එය අත්සන් කර ඇත්තේ විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර සහ ඉන්දියානු මහ කොමසාරිස්වරයා අතරයි. මෙහි ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. පළමුවැන්න මේ ගිවිසුම කුමක්දැයි ජනතාවට හෙළිදරව් නොකිරීම. මේක මැතිවරණ උණුසුම මැද හොරෙන් අත්සන් කළේ.

දෙවැන්න ලංකාවට LNG හෙවත් ද්‍රවීකෘත ස්වභාවික වායුව ගෙන්වීම මේ ඉන්දීය සමාගමට ලබාදී ඇත්තේ ටෙන්ඩර් කැඳවීමකින් තොරව තරගකාරී මිල කැඳවීම සහ අවම මිලට අවස්ථාව ලබාදීම යන ප්‍රසම්පාදන නීති උල්ලංඝනය කරමින්. මේ නිසා ඉහළ මිල ගණන් වලට ඉන්ධන මිලදී ගෙන අමතර බරක් විදුලි පාරිභෝගිකයා මත පැටවීමට නියමිතයි.

ලෝක වෙළෙඳපොළෙන් අවම මිල ගණන් යටතේ LNG මිලදී ගත හැකිව තිබියදී මෙවැනි ගිවිසුමක් අත්සන් කරන්නේ ඉන්දියාවේ දේශපාලන බලපෑමක් මත බව පැහැදිලියි. ඉන්දියාව සිදු කරන දේශපාලන හා ආර්ථික බලහත්කාරය ගැනත් ලංකාවේ ආණ්ඩුව ඒ ඉදිරියේ දණ ගැසීම ගැනත් ආණ්ඩුව වගේම විපක්ෂයත් නිහඬයි. ඔක්කොගෙම කටේ පිට්ටු. ඉන්දියාව හැමෝගෙම කටේ පිට්ටු ඔබලා තියෙන්නේ. ජනාධිපතිවරණයේ අපේක්ෂකයෝ ගොඩක් හිටියට ප්‍රතිපත්තිමය කඳවුරු දෙකයි තියෙන්නේ. ජනාධිපති වෙන්න සූට් මහන අපේක්ෂකයෝ ඔක්කොම එක පැත්තක. මේ කොල්ලකාරී සහ විනාශකාරී ගමනට එරෙහි කඳවුරේ කොඩිය ඔසවාගෙන සිටින්නේ ජන අරගල සන්ධානයේ නුවන් බෝපගේ සහෝදරයා පමණයි.’’

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved