Pasidol
Sathosa Ad Final Sinhala
Mar 13, 2018

සමාජ ජාල තහනම ගැන වෙබ් මාධ්‍යවේදීන් කතා කරයි (සජීවී)

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි කිහිපයක් මත ශ්‍රී ලංකාව තුළ පනවා ඇති තහනම සම්බන්ධයෙන් වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය පවත්වන විශේෂ මාධ්‍ය හමුව මේ වන විට ආරම්භ වී තිබේ.

මාධ්‍ය සාකච්ඡාව සජීවීව පහතින් නරඹන්න

--------------------------------------------------------------------------------------------------------------------

මුහුණුපොතට මුහුණදෙන්න, අද 2ට ලයිව් එකට එක්වෙන්න

පසුගිය සතියේ සිට ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි හා අන්තර්ජාල සන්නිවේදන යෙදවුම් කිහිපයක් මත ශ්‍රී ලංකාව තුළ පණවා ඇති තහනම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් අද දිනයේදී (13) කැඳවීමට ශ්‍රී ලංකා වෘත්තිය වෙබ් මාධ්‍යවේදීන් ගේ සංගමය පියවර ගෙන ඇත.

Face to Facebook (මුහුණුපොතට මුහුණදෙන්න) ලෙස නම් කර ඇති මෙම මාධ්‍ය හමුව අද ප.ව. 2.00ට මරදාන පිහිටි සමාජ සහ සාමයික කේන්ද්‍රයේ (CSR)දී ප.ව. 2.00 සිට පැවැත්වීමට නියමිතය.

මේ වන විට පණවා ඇති ෆේස්බුක් තහනම, ඒ සම්බන්ධයෙන් පැතිරී යන විවිධ සත්‍ය/අසත්‍ය කරුණු, එහි නීතිමය පසුබිම මෙන්ම, මෙම තහනම හේතුවෙන් විවිධ ක්ෂේත්‍ර වලට වෘත්තිමය මට්ටමකින් ඇතිවී ඇති බලපෑම පිළිබඳ වැඩිදුරට කරුණු දැනගැනීමට ‘ශ්‍රී ලංකා මිරර්’ ෆේස්බුක් පිටුව ඔස්සේ මෙහි සජීවී විකාශය නැරඹිය හැක.

FacetoFace L

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top