Pasidol
Sathosa Ad Final Sinhala
Dec 09, 2016

හම්බන්තොට වරාය ප්‍රතිසංවිධානය කිරීමේ ගිවිසුම් රාමුවට අත්සන් තැබේ

හම්බන්තොට වරාය, රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්වයක් සහිතව ප්‍රති සංවර්ධනය කිරීම සදහා ලංකා රජය චීනයට අනුබද්ධ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම සමග අවබෝධතා ගිවිසුම් රාමුවකට අත්සන් තබා ඇත.

චීන සමාගමෙන් සිදු කරන නිසි ඇගයීම් ක්‍රියාවලියකින් පසුව ඊට අදාළ අනුග්‍රාහක ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම ගිවිසුම අනුව වරායෙන් 80%ක කොටස් චීන සමාගමටත් 20%ක කොටස් ශ‍්‍රී ලංකා රජයටත් හිමි වීමට යෝජනා වී ති‍බේ.

චීන සමාගම මාගම්පුර වරායේ ප්‍රතිසංවර්ධනය සදහා ඇමරිකානු ඩොලර් බිලියන 1යි දශම 1යි 2ක් ආයෝජනය කරයි. එයින් ඩොලර් මිලියන 5 ක් අවබෝධතා රාමු ගිවිසුමට අත්සන් තැබීමත් සමග සුරක්ෂිතයක් ලෙස වහා ගෙවිය යුතු වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top