සුමේධ ජයසිංහ නැමැති ඔහු නයිටා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරමින් බරපතල විෂමාචාරයන් සිදු කර ඇති බව විගණන වාර්ථාව මගින්ද පැහැදිලි කර ඇති මෙහොතක එම පුද්ගලයාට උසස්වීමක් ලබා දීම සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ආයතන ප්‍රධානීන්ගෙන් කරුණු විමසා තිබේ.
යහපාලනයේ අර්ථය සුණුවිසුනු කර දමන මෙවැනි තත්වයන්ට එරෙහිව තමන් නොබියව හා නොපැකිලිව පෙනී සිටින බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය වෙත අවධාරණය කර සිටියි.
ජර්මන් ටෙක් ආයතනයට ද නීති විරෝධි ලෙස සභාපතිවරයෙකු පත් කරමින් එම ආයතනයේ නොකිළිටි ඉතිහාසයට අවමන් කරමින් කටයුතු සිදුවීම පිලිබඳ ද තමන් කරුණු හෙළිදරව් කළ බවත් පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ සිදුවන අක්‍රමිකතා වංචා හා දූෂණ පැහැදිලිව පෙනෙන්නට තිබියදී ඒවා සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳ කණගාටුවට පත්වන බවයි.
රට ජාතිය ශක්තිමත් කරමින් තරුණ පරපුර බලවත් නැණවත් හා කාර්යශූර බලකායක් බවට පත් කිරිමේ අනිවාර්ය අවශ්‍යතාව ඉටු කිරිම පසෙකට විසි කරමින් ස්වකීය අවශ්‍යතා වෙනුවෙන් කටයුතු සිදු කිරිම පිළිබද ජනතාව කෙදිනක හෝ කරුණු විමසනු ඇති බවද පාලිත රංගේ බණ්ඩාර අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා තමාට කෙනෙහිලිකම් කරන හෙයින් තමන්ට එම වෙනත් අමාත්‍යංශයක් ලබාදෙන්නැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මිට සති කිහිපයකට පෙරදී අගමැතිවරයා ගෙන් ඉල්ලීමක් කර තිබිණ.
(පාලිත රංගේ බණ්ඩාර මහතා මීට අදාලව බලධාරීන්ගෙන් කරුණු විමසා යොමු කළ ලිපිය සහ විගණන වාර්තාවේ පිටපතක් ද පහත පළවේ.)