Pasidol

Sathosa

Apr 25, 2018

හිටපු ඇමති සරත්ට ඇප

මුදල් අවභාවිතා කළැයි චෝදනා ලැබ සිටි හිටපු වරාය හා ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න හා ධීවර සංස්ථාවේ හිටපු සභාපති ලියනගේ ඇතුළු 6 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා අද (25 දා) නියම කළේය.

පසුගිය ජනපතිවරණ සමයේ ශ්‍රී ලංකා වරාය නීතිගත සංස්ථාවේ රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක් අවභාවිතා කළ බවට ඔහු චෝදනා ලැබ සිටියේය.

විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා පත්‍ර බාර දීමෙන් පසු ඔවුනට ඇප නියම කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 25,000 බැගින් මුදල් ඇප ද ලක්ෂ පහ බැගින් වු ශරීර ඇපයක් නියම කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top