Pasidol
Sathosa Ad Final Sinhala
Dec 12, 2016

වී තිබියදී හාල් රටින් ගේන්න ප්ලෑන් එකක්

රජයේ වී ගබඩාවල ප්‍රමාණවත් වී තොග තිබියදී සහල් මෙට්‍රික්ටොන් දස දහසක් ආනයනය කිරීමට රහස් සැලැසුමක් ඇතැයි වාර්තා වේ.

මේවන විට වී අලෙවි මණ්ඩලයේ වී ගබඩාවල වී මෙට්‍රික්ටොන් ලක්ෂ 2ක් ඇතැයි පැවසේ.

මේ වංචාවට මීට පෙරද සහල් ආනයනය කර වංචා කළ අයෙක් මූලිකත්වය ගෙන සිටින බවද වාර්තා වේ.

වී අලෙවි මණ්ඩලයේ වී තොග සත්ව ආහාරයට ලබා දී අදාළ සහල් තොගය ගෙන්වීමට සැලැසුම්කර ඇති බවද පැවසේ.

මීට පෙරද වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල තිබූ වී තොග පරණ වී යැයි පවසමින් ඒවා සත්ව ආහාරයට ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top