Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 12, 2016

වර්ධා ඉන්දීය ගුවන් ගමනුත් වෙනස් කරයි

වර්ධා සුළි කුණාටුව හේතුවෙන් කොළඹ සිට චෙන්නායි දක්වා ගමන් ගන්නා UL 121 ශ්‍රීලංකන් ගුවන් යානය බැංගලෝර් වෙත හරවා යවා ඇතැයි වාර්තා වේ.

එසේම ඩුබායි - චෙන්නායි ගුවන් යානයේ ගමන් මාර්ගයද කොළඹට හරවා ඇතැයි කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

වර්ධා සුළි කුණාටුව චෙන්නායි නුවරට සමීප වෙමින් තිබෙන බව විදෙස් වාර්තාවල දැක්වේ.

ඉන්දීය කාලගුණ බලධාරීන් පවසන්නේ, අද පස්වරු 2.30ත් 5.30ත් අතර කාලය තුළ කුණාටුව, දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් කලාපය සහ උතුරු තමිල්නාඩු කලාපය හරහා ගොඩබිමට ඇතුළුවීමට නියමිත බවයි.

කුණාටුව හේතුවෙන් පැයට කිලෝමීටර් 80ත් 90 ත් අතර වේගයෙන් සුළං හමා යා හැකි බව ද ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කුණාටුව හේතුවෙන් ඇති වන උදම් රළ නිසා තිරුවෙල්ලෝර්, කංචිපුරම්, මෙන් ම චෙන්නායි පහත් බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බවට ද අනාවැකි පළ වී තිබේ.

සහන සේවා සඳහා දැනට ඉන්දීය නාවික හමුදාව අවශ්‍ය පියවර ගෙන ඇති අතර තමිල්නාඩුවේ පාසල් ද වසා දමා තිබේ.

පකිස්ථානය විසින් දෙන ලද නමකට අනුව මෙම කුණාටුව වර්ධා ලෙස නම් කර ඇති අතර එහි අර්ථය රතු රෝස මල යන්නයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top