Pasidol
Sathosa Ad Final Sinhala
Dec 15, 2016

ජනපතිට හා අගමැතිට තර්ජනය කළ තරුණයා යළි ඇතුළට

ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ විපක්ෂනායකවරයාට මරණ තර්ජන සිදු කළැයි අත්අඩංගුවට ගත් තරුණයා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසුරිය මහතා නියෝග කර ඇත.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ සැකකරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කළ ද ඊට විරෝධය පළ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙය රාජ්‍ය නායකයින් ඝාතනය කිරිමට අදාළ ප්‍රකාශයක් බැවින් එහි බරපතළ භාවය පිළිබඳ පරික්ෂණ පැවැත්වීමට අවශ්‍ය බව අධිකරණයට දැනුම්දී තිබේ.

ඒ සඳහා ජාත්‍යන්තර පොලිසිය ද සහය ලබා ගන්නා බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.

සබැදි පුවත්

ජනපතිට මරණ තර්ජන කළ තරුණයා ඇතුළට

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top