Pasidol
Sathosa Ad Final Sinhala
Jun 13, 2018

ඓතිහාසික සමුගැනිමකට සුදානම් වන සිංහරාජයේ අලි දෙන්නා

අනාදිමත් කාලයක් සිට අලි ඇතුන් ජීවත් වූ සිංහරාජයේ සිටින අවසන් අලි දෙදෙනා අල්ලා ගෙන ගොස් හොරොව්පතාන ප්‍රදේශයට දැමීමට මේ වන විට වන ජීවී අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ සදහා වන ජීවී අමාත්‍යංශයට අයත් wp ln0513 ලොරි රථය හා තවත් ලොරි රථයක් පැමිණ තිබෙන බව වාර්තාවේ.

කලවාන හා රක්වාන අතර ඇති ගම්මාන කිහිපයකටම මෙම අලි දෙදෙනාගෙන් තර්ජන එල්ලවෙන බව පවසමින් වන ජීවී අමාත්‍යංශය මෙම තිරණය ගෙන ඇති බව එම සංගමයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා කියා සිටියි.

හමුදාවක් පාලනය කරන විදියට වන සතුන් පාලනය කරන්න බෑ

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

''මිනිසුන් සහ සතුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග තිබියදී මෙසේ අලි දෙදෙනා ඔහුන්ට නුසුදුසු පරිසරයකට ගෙන යාම තුළ ඔහුන්ගේ මරණය ඉක්මන් වන බව ජීව විද්‍යාත්මක සත්‍යක්. එයට හේතුව ඔහුන්ට හුරු දේශගුණය හා පරිසරය ඔහුන්ට අහිමි වීමයි . පරිසර අමාත්‍යවරයා රටේ ජනපති වී සිටියදි අලි ඇතුන්ගේ ආරක්ෂිව සදහා ගත හැකි ක්‍රියා මාර්ග රැසක් තියෙනවා. හමුදාවක් පාලනය කරන ආකාරයෙන් වන සතුන් පාලනය කිරීම කල නොහැකි බව වන ජීවි අමාත්‍ය වරයාට කියා දිය යුතුයි. මෙම අලි දෙදනා ගෙන නොයා මිනිසුන් හා සතුන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඇති බොහොමයක් වූ වෙනත් විකල්ප වලට යොමු වන ලෙස අපි ඉල්ලා සිටිනවා.''

jeap

අලි දෙදෙනා රැගෙන යාමට පැමිණි ලොරි රථය

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top