Pasidol
Sathosa
අඹගස්වැව  සහ වැව තුල කුඹුරු කරන ආකාරය අඹගස්වැව සහ වැව තුල කුඹුරු කරන ආකාරය
Jun 13, 2018

වැව මැද කුඹුරු කරද්දිත් නිලධාරීන් නිහඬයි (ඡායා)

මැදිරිගිරිය අඹගස් වැව ජලය පවතින ප‍්‍රදේශය තුළ අනවසරයෙන් පිරිසක් කුඹුරු කරන බවත් ඒ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුමේ දුන්නත් මෙතෙක් කිසිදු පියවරක් නොගෙන ඇති බව අඹගස්වැව මහසෙන් ගොවි සංවිධානය සහ එක්සත් ගොවි සංවිධානය කියයි.

මෙම වැවෙන් කුඹුරු අක්කර තුන්දාහකට වැඩියෙන් ගොවිතැන් කටයුතු සිදු කරන අතර ගොවි පවුල් තුන්දාහකට වැඩි පිරිසක් යල මහ දෙකන්නයේ ගොවිතැන් කරති.

ඒ පිළිබද අදහස් දැක්වු අඹගස්වැව එක්සත් ගොවි සංවිධානයේ සභාපති කේ ජි ජගත් මහතා,

" මේ වැව රජ කාලේ ඉදලා තමයි තියෙන්නේ. වැවෙන් කුඹුරු අක්කර තුන්දාක් තුන්දාස් පන්සියක් පමණ යල මහ දෙකන්නයේ ම වැඩ කරනවා. දැන් වැව ඉහළින් ව්‍යාපාරිකයෝ පිරිසක් වැවේ වතුර තියෙද්දිම නියරවල් දාලා කුඹුරු කරනවා. රජවරු වැව් හැදුවෙි වැවේ කුඹුරු කරන්න නෙවේ. වැවැට එකතු වෙන ජලයෙන් කුඹුරු කරන්න. නමුත් දැන් වෙන්නේ වැව ඇතුලේ කුඹුරු කරන්න පටන් අරන්. අපි දන්න විදියට වැවක තණ කොළ පිඩල්ලක්වත් කපන්න අවසරයක් නැ. නමුත් ට‍්‍රැක්ටර් දාලා කුඹුරු කරන කල් කිසිදු නිලධාරියෙකු මැදිහත් නොවී සිටීම පුදුමයක්. සෑම නිලධාරියෙකුටම දැනුම් දීලා තියෙනවා. මේ වන තුරු කිසිම නිලධාරියෙකු ආවේ නෑ. අපි කියන්නේ මේ වැවට අයිති සිමාව මැනලා අනවසරයෙන් වැවේ කුඹුරු කරන අයව ඉවත් කරන්න කියලා තමයි. එහෙම නැති වුනොත් තව කන්නයක් යනකොට අඹගස්වැව තිබුණ තැනවත් හොයන්න බැරි වෙනවා. ඒ වැවෙන් ජීවත් වූ පවුල් තුන් හාරදාක මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන්න තමයි වෙන්නේ" යැයි කිය.

මෙම විනාශය කරන්නේ ජිවත් වෙන්න විදියක් නැති අය නොවන බවත් ඇටඹඔය දිග්ගල්පුර ප‍්‍රදේශයේ ඉන්න මහා පරිමාණ ව්‍යාපාරිකයො ගොවියෝ නොවන බවත් අඹගස් වැව මහසෙන් ගොවි සංවිධානයේ සභාපති ආර් එමි රත්නායක මහතා පවසයි.

මෙහිදී අදහසු දැක්වූ අඹගස්වැව එක්සත් ගොවි සංවිධානයේ උප සභාපති සුගත් බංඩාර මහතා

"මේ කුඹුරු සියල්ලම යල මහ දෙකන්නයෙම වැඩ කරනවා. ඉදිරියෙදි එක කන්නයක්වත් වැඩ කරන්න බැරි වෙනවා මොකද දැන් වැව ඇතුලේ පිරිසක් කුඹුරු කරනවා. දවසින් දවස වැව ගොඩ වෙනවා. මේ පිළිබඳව කාට කිව්වත් වැඩක් නැ. ඒ නිසා අපි ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා මෙි පිළිබද සොයා බලා පවුල් තුන් හාරදාහක් ජිවත් වෙන වැව බේරලා දෙන්න කියලා".

කෙසේ නමුත් මේ පිළිබද පොළොන්නරුව කලාප වාරි මාර්ග අධ්‍යක්ෂක එස්. කේ හේවාගම මහතාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් කිසිවෙකු තමා වෙත දැනුම් දීමක් කරලා නැති බවයි. මොනම හේතුවකටවත් වැව හෝ වැව් රක්ෂිතය අත්පත් කර ගැනිමට ඉඩ නොතබන පවසන ඔහු එසේ කරන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද පැවසීය.

ගොවි සංවිධාන දෙකේ සමාජිකයින් සමග වැව තුළ අනවසරයෙන් වගා කටයුතු සිදු කරන ස්ථානය නිරික්ෂනය කිරිමට එම ස්ථානයට යන අවස්ථාවේ වැව තුළ ට‍්‍රැක්ටර් යොදා වැඩකරමින් සිටි පිරිස එම වාහන එම ස්ථානයේම දමා පලාගොස් සැගව බලා සිටින අයුර දක්නට ලැබුණි .

සටහන සහ ඡායා -ඩබ්. ඒ. පියතිලක - හිගුරක්ගොඩ වාර්තාකරු

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top