Jun 15, 2018

ඕනෙ තව කාලෙ නම් අපිව පාවිච්චි කරන්නෙපා - මහේල

පවතින ක්‍රිකට් පාලන ක්‍රමය සම්බන්ධයෙන් තමාට කිසිඳු විශ්වාසයක් නොමැති බව හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පවසයි.

ට්විටර් පණිවිඩයක් මගින් ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ හිටපු දැවැන්තයින් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද සිල්වා හා රොෂාන් මහානාම වැන්නවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරුන් ලෙස පත්කරන මෙන් එහි වත්මන් ප්‍රධාන විධායක නිලධාරී - ඈෂ්ලි ද සිල්වා ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා මහතාගෙන් ලිඛිතව සිදුකර තිබුණු ඉල්ලීමටය. දඟපන්දු යැවීමේ අංශයේ උපදේශකවරයෙකු ලෙස මුත්තයියා මුරලිදරන් පත්කරන ලෙසද එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

“තේරීම් නිලධාරීන් හා ක්‍රීඩා අමාත්‍යවරයා හට මා ඉතා ගෞරවයෙන් පවසා සිටින්නේ මා වසරක කාලයක් ක්‍රිකට් කමිටුවේද, මාස හයක කාලයක් විශේෂ උපදේශක කමිටුවේද කටයුතු කරමින් නිර්දේශ ඉදිරිපත් කළද ඒවා ක්‍රීයාවට නොනැගුණු බවත්, මා හට වත්මන් පාලන ක්‍රමය සම්බන්ධයෙන් විශ්වාසයක් නැති බවත් ය. කිසිවෙකු හට තවත් කාලය ලබාගැනීමට අවශ්‍ය නම් කරුණාකර අපව පාවිච්චි කිරීමෙන් වළකින්න,” යැයි මහේල පවසා සිටියේය.

මහේල ගේ ට්විටර් පණිවිඩය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියා ගේ ලිපිය පහතින් :

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top