Pasidol

Sathosa

Jun 20, 2018

නොරොච්චෝලේ අළු ටයිල් කරනවට පොල් ගසයි (ඡායා)

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් ඉවත දමන ගල් අගුරු අළු භාවිතා කරමින් මුන්දලම නගරයට ආසන්නයෙන් ඉදිකිරීමට යෝජිත ටයිල් නිෂ්පාදන ආයතනයකට එරෙහිව අද (20) ප්‍රදේශවාසීන් විරෝධතා ව්‍යාපාරයක නිරත විය.

යෝජිත ටයිල් කර්මාන්ත ශාලාව ඉදිරිපිටට එකතුවූ මහා සංඝරත්න ඇතුළු ආගමික නායකයින් එම ස්ථානයේදී ආගමික වතාවත් වල නිරත වී අනතුරුව පා ගමනින් මුන්දලම නගරයට පැමිණ විරෝධතාවයේ නිරත විය.

මුන්දලම නගරයේ පිහිටි අයියනායක දේවාලය අසලදී පිරිස පොල් ගසා යේජිත කර්මාන්ත ශාලාවට විරෝධය පළ කර සිටියේය.

මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීමෙන් ප්‍රදේශයේ පරිසර විනාශ වන බවත්,ජන ජීවිතයට හානි සිදු විය හැකි බවත් විරෝධතාවයට එක්ව සිටි ආගමික නායකයින් සහ ගම්වාසීන් කියා සිටියේය.

එම ස්ථානයට පැමිණි මුන්දලම ප්‍රදේශීය ලේකම් ශානක ප්‍රේමසූරිය මහතා කියා සිටියේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම සදහා තමන්ගෙන් කිසිදු අවසරයක් ලබා ගෙන නොමැති බවය.

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන් මහතා විරෝධතාවය අවසන් වීමෙන් පසුව එම ස්ථානයට පැමිණියේය.ඔහු කියා සිටියේ වර්ග අඩි 4000 කට වඩා ඉදිකිරීමක් කරන්නේ නම් අවසරය ලබා ගත යුත්තේ නාගරික සංවර්ධන අධිකාරියෙන් බවත්,එම අවසරය ලබා ගෙන නොමැති නිසා අදාල කර්මන්ත ශාලාවේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට තමන් පියවර ගෙන ඇති බවත්ය.

මුන්දලම නගරයේ කඩ සාප්පු වඩා කළු කොඩි ඔසවා තිබූ අතර,නගරයේ ආරක්ෂාවද තර කර තිබුණි.

ash00001

ash00002

ash00003

ash00004

ash00005

ash00006

ash00007

ash00010

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top