Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Jul 11, 2018

ඒකාබද්ධය සීනිගමදී ආණ්ඩුවට පොල් ගසයි (ඡායා)

රජය මේ වන විට ගෙන යන මර්දනකාරී වැඩ පිළිවෙලට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබු දේව කන්නලව්වක් හා පොල් ගැසීමක් අද (11) දින හික්කඩුව සීනි ගම දේවාලයේ දී පැවැත්විණි.

ජීවන බර වැඩිවීම, වර්තමාන ආණ්ඩුවේ දුෂිත පාලනය ,දේශපාලන වශයෙන් කෙරෙන චරිත ඝාතන සහ පාතාලය හිස එසවීමට විරුද්ධව, මෙම පොල් ගැසීම සිදුවිය.එම අවස්ථාවේ දී එහි පැවති වර්ෂා තත්ත්වය ද සැලකිල්ලට නොගත් පැමිණි පිරිස පළමුව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් දේවාලය ඉදිරිපිට රැඳී සිටි අතර පසුව මල් පහන් පුජා කිරීම සිදු කරන ලදී. පසුව දේවාලයට ගිය පිරිස දේව කන්නලව්වක් කිරීම සිදු කර පොල් ගැසීම සිදුකරන ලදී.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, මොහාන් සිල්වා, රමේෂ් පතිරණ, ඇතුළු පිරිසක් සහ දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් මේ සදහා සහභාගී වී තිබිණි.

JO3

JO4

JO5

JO6

JO7

JO8

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top