Pasidol
Jul 12, 2018

අලුගෝසු තනතුරු දෙකක් : කඹේ ලෑස්තියි !

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට නියම කර ඇති මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවීමත් සමඟ අලුගෝසු තනතුර සඳහා යළි අයැදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩු දෙකක් පවතින බවයි.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ සහ එල්ලුම් ගස සඳහා යොදන කඹය මේ වන විට ආනයනය කර බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව පවතින බව ද ඔහු සඳහන් කළේ ය.

2015 වසරේ සිට අලුගෝසූ තනතුර පුරප්පාඩුව පවති.

අවස්ථා දෙකකදී ඒ සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට උත්සහ කළත්, පැමිණි පුද්ගලයින් දෙදෙනා පුහුණුවෙන් පසු එම තනතුර හැර ගිය බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

මේ වන විට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණයෙන් මරණ දඬුවම නියමව සිටින රැඳවියන් සංඛ්‍යාව 13 කි.

ඉන් 12 ක් ම පිරිමි රැඳවියන් වන අතර එක් කාන්තා රැඳවියක් ද ඒ අතර වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top