Pasidol

Sathosa

Jul 12, 2018

කොළඹ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම බිංදුවයි !

අද (12) පැවැති බස්නාහිර පළාත් සභා නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට පැමිණ සිටි පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම පිළිබඳව එහි සිටි ආරාධිතයන්ගේ දෝෂදර්ශනයට ලක්ව තිබේ.

නව පරිපාලන ගොඩනැගිල්ල බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටා ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එය අද විවෘත කරනු ලැබීය.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරැන් මේ උත්සවයට සහභාගිවී සිටියේ කුණු ලේ පාට වස්ත්‍රවලින් සැරසීය.

ඔවුන් නව පළාත් සභා ගර්භයේ අසුන් ගනුලැබුවේද අදාළ කුණු ලේ පැහැති වස්ත්‍රයෙන් සැරසී වන අතර සාමාන්‍යයෙන් පළාත් සභා ගර්භයට ඇතුළුවන විට මන්ත්‍රීවරුන් සුදු වස්ත්‍රයෙන් සැරසී ඇතුළුවීම පළාත් සභා ආරම්භගේ සිට පවතින රීතියකි.

එසේම මේ ගොඩනැගිල්ල විවෘත කිරීමේ ප්‍රධාන උත්සවය පැවැතියේ දෙවැනි මහලේ වන අතර, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්වැනි මහලේ සිට පහලට බැස අදාළ උත්සව සභාව මධ්‍යයෙන් එම උත්සව සභාව මඟහැර යන අයුරු දක්වමින් ගිය බවද අප වාර්තාකරු කියා සිටියේය.

තුට්ටුදෙකේ වැඩ බැසිල්ගෙ ?

උත්සවය අවසන්වූ පසු සංඝරත්නය ඇතුළු බොහෝදෙනෙකු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුගේ ක්‍රියාව සම්බන්ධයෙන් දෝශාරෝපන එල්ල කළ බව පැවසේ.

ඔවුන් බොහෝදෙනෙකු පෙන්වා දී ඇත්තේ උත්සවයට සහභාගිවීමට අකමැත්තක් තිබුණේ නම් එයට සහභාගි නොවී සිටීම මහත්මා ගතියක් බවත්, මෙසේ හැසිරීම අනුමත කළ නොහැකි බවයි.

කෙසේවුවද, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට අදාළ උපදෙස් දී ඇත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බවට ද එහිදී කතා බහට ලක්ව තිබේ.

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top