Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 20, 2016

ශෂි වෙල්ගම රිමාන්ඩ් (UPDATE)

ලංගමට අමතර කොටස් ගෙන්වීමේදී සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්  ලංකා ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂි වෙල්ගම මහතාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඒ අනුව ලබන 22 වැනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

ශෂී වෙල්ගම, හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ සහෝදරයෙකු වේ.

--------------------------------------------------------------------------------------------

ශෂි වෙල්ගම අත්අඩංගුවට

ගමනා ගමන මණ්ඩලයේ හිටපු සභපති සශී වෙල්ගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් මිලියන 134ක මුදලක් අවභාවිත කළ බවට වන චෝදනාවක් මත ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතාගේ කිට්ටු ඥාතියෙකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top