Pasidol
Sathosa Ad Final Sinhala
Dec 21, 2016

ජාතික සමගිය වෙනුවෙන් සතියක්

2017 වසරේ සිට සෑම වර්ෂයකම ජනවාරි මාසයේ 08 වැනි දින සිට 14 වැනිදා දක්වා වන සතිය 'ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන සතිය' වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කරයි.

ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඊයේ (දෙසැ. 20) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.

සමෘධිමත් ජාතියක්

2017 ජනවාරි 8 වැනිදායින් ඇරඹෙන ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන සතියට සමගාමීව දිවයිනේ සියලුම පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ජනමාධ්‍ය කේන්ද්‍ර කරගනිමින් ජාතික ඒකාබද්ධතාවේ වැදගත්කම පිළිබිඹු කෙරෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබේ.

සමඟිසම්පන්න, ශක්තිමත්, සුසංවාදී මෙන්ම සමෘධිමත් ජාතියක් සඳහා අධිතාලම සපයමින් ජනතාව අතර සමඟිය, සාමය, දයාව සහ සහෝදරත්වය වැඩිදියුණු කිරීම මෙහි අරමුණ බව රජය පවසයි.

(සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top