nsb
Sathosa

Aug 17, 2018

'LANKAPAK 2018' 20 වැනි අදියරට පා තබයි (ඡායා)

පරිසර හිතකාමී ලෙස දිරාපත් වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ වැදගත්කම පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අවධාරණය කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ මුද්‍රණ හා ඇසුරුම් ක්ෂේත්‍ර විසින් වාර්ෂිකව පවත්වනු ලබන දැවැන්ත ප්‍රදර්ශනයක් වන LANKAPAK හි 2018 ප්‍රදර්ශනය පිළිබඳ නිවේදනය කිරීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
 
“ශ්‍රී ලංකාවේ අපනයන වල සන්නාම නාම ඇති කිරීම සඳහා මෙම ක්ෂේත්‍රය වඩාත් වැදගත් ක්ෂේත්‍රයක් යැයි මා විශ්වාස කරනවා,” යැයි ඔහු පැවසීය.
 
කිත්සිරි විජේසුන්දර මහතා විසින් තිරසාර ඇසුරුම්කරණය පිළිබඳව ප්‍රධාන දේශනය මෙහිදී පැවැත්වූයේය. 
 
තවද, CDC Events and Travels (Pvt.) Ltd හි කළමනාකාර අධ්‍යක්ෂක - ඉම්රාන් හසන් මහතා, කෝල්ට් ට්‍රේඩින් (පෞද්.) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක - තේජාන් ද සිල්වා මහතා, ආසියානු ඇසුරුම්කරණ සම්මේලනයේ සභාපති රොහාන් වික්ටෝරියා මහතා, ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනයේ සභාපති අනුරාධ ජයසිංහ මහතා, ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනයේ උප සභාපති තුෂාන්ත කරුණානායක මහතා, ඇසුරුම් කිරීමේ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපති - ජේ.ඩී.සී. පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනයේ උප සභාපති - රොහාන් විජේසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී විය.
 
මේ වසරේදී විසිවැනි අදියරට පා තබන 'LANKAPAK 2018' ප්‍රදර්ශනය සඳහා ප්‍රදර්ශකයින් 150 දෙනෙක් සිය නවතම තාක්ෂණික නිෂ්පාදන ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වේ. ප්‍රදර්ශනයට අමතරව, කර්මාන්තයට අදාල ගැටළු සාකච්ඡා කරන විශේෂඥ මණ්ඩලයක් විසින් ඊට සමගාමීව පැවැත්වෙන ’LANKAPAK packaging congress 2018' සමුළුවක්ද පැවැත්වීමට නියමිතය.
unnamed 5
unnamed 4
unnamed 7
unnamed
unnamed 1
unnamed 3
unnamed 6
 
unnamed 9

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top